රාජ්‍ය තනතුරක් දැරීමට සුදුසු නැති බවට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නැවත විමසා බලන්නැයි ඉල්ලමින් එරට හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතා පෙත්සමක් ඉදිරිපත් කළේය.
පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පසුගිය 28 වැනිදා නවාස් ෂරීෆ් මහතා රාජ්‍ය තනතුරක් දැරීමට සුදුසු නැති බව සඳහන් කරමින් නියෝගයක් දෙන ලදි. එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් පාකිස්තානයේ හිටපු අගමැතිවරයා මෙම පෙත්සම ඉදිරිපත් කළ බව ඔහුගේ නීතිඥ කවජා හරීස් මහතා පැවැසීය.
බදු අධිකාරීන් ඉදිරියේ හිටපු අගමැති නවාස් ෂරීෆ් අවංකබව සහ සත්‍ය බව සනාථ කිරීමට අසමත් වූ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නවාස් ෂරීෆ් මහතාට රාජ්‍ය තනතුරක් දැරීමට සුදුසු නැති බවට තීන්දු කළේය.
අදාළ තීන්දුව පිළිගනිමින් නවාස් ෂරීෆ් මහතා පාකිස්තාන අගමැතිධුරයෙන් ඉල්ලා අස් වූ නමුත් ඔහුගේ පක්ෂය අදාළ තීන්දුව ප්‍රතික්ෂේප කළේය.
නවාස් ෂරීෆ් මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව නවාස් ෂරීෆ් මහතාගේ සමීපතමයකු වූ ෂහීද් කඛාන් අබ්බාසි මහතා 2018 මහ මැතිවරණය තෙක් පාකිස්තානයේ අගමැතිධුරයට පත් කෙරිණ.
ඒ.එෆ්.පී/රොයිටර් 055
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පකිස්තාන හිටපු අගමැතිගෙන් පෙත්සමක්