දශක ගණනාවකට පසු කාශ්මීරයේ දී ඉන්දීය හමුදා වෙත එල්ල වූ දරුණුතම ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට ඉන්දියාවට සහාය දීමට පාකිස්තානය සූදානම් බවත් එහෙත් ඉන්දියාව ප්‍රහාර එල්ල කළහොත් ඊට එකට එක සිදු කරන බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (19) පැවැසීය.
ඉකුත් සතියේදී පාකිස්තානයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදාවට අයත් රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදාවේ සාමාජිකයන් 41 දෙනකු මිය යෑමත් සමඟ න්‍යෂ්ටික අවිවලට හිමිකම් කියන ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින අර්බුදය උග්‍ර අතට හැරී තිබේ.
අසල්වැසියන් වන පාකිස්තානය සහ ඉන්දියාව අතර මේ වනවිට දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙන අතර ඉන්දු-පාකිස්තාන කලාපය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මැදිහත්වන්නැයි පාකිස්තානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් ද කර ඇත.
ඉන්දීය හමුදා රථ පෙළට එල්ල වූ ප්‍රහාරය පාකිස්තාන රජයේ සහ පාකිස්තානයේ හමුදා බුද්ධි අංශය වන අයි.එස්.අයි. හි අනුදැනුම මත සිදු වූවක් යැයි ද ඉන්දියාව චෝදනා කරයි. මේ තත්ත්වය නිසා ඉන්දු-පාකිස්තාන අසල්වාසීන් අතර අර්බුදය තීව්‍ර වී තිබේ.
පසුගිය සතියේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට පාකිස්තානය සම්බන්ධ නම් සාධක සහිතව එය ඔප්පු කරන්නැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉල්ලා සිටියේය. ඉම්රාන් ඛාන් මේ බව ප්‍රකාශ කර සිටියේ ජාතිය අමතමිනි. එය කලින් පටිගත කර විකාශය කරන ලද්දක් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.
ඉකුත් සතියේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පාකිස්තානයේ සිටින ඔවුන්ගේ මහ කොමසාරිස්වරයා ගෙන්වා ගැනීමට කටයුතු කළ අතර පාකිස්තානය ද ඉන්දියාවේ සිටින ඔවුන්ගේ මහ කොමසාරිස්වරයා ගෙන්වා ගත්තේය.
ජායිෂ් ඊ මොහොම්මද් සන්නද්ධ සංවිධානය ඉන්දීය හමුදා රථ පෙළ ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරයේ වගකීම බාරගත් අතර එම සංවිධානය සහ පාකිස්තාන හමුදාව හා එරට අයි.එස්.අයි බුද්ධි අංශය සමීප සබඳතා පවත්වන බව ට ද ඉන්දියා චෝදනා කරයි.
“ප්‍රහාරයට පාකිස්තානයේ කිසිදු සම්බන්ධයක් නැහැ. එසේ තිබෙනවා නම් ඔප්පු කරන්න. අපිත් පරීක්ෂණවලට සහාය වෙනවා. එහෙත් අපට ප්‍රහාර එල්ල කළහොත් අපි ඊට එකට එක කරනවා. අපි ඒ ගැන හිත හිත ඉන්නේ නැහැ. අපි එකට එක කරනවා” යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කීය.
මේ අතර ප්‍රහාරය පසුපස සිටින සියලු දෙනාට ඉහළ මිලක් ගෙවීමට සිදුවනු ඇතැයි ඉන්දීය බලධාරීන් අනතුරු අඟවා ඇත.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පකිස්තාන අගමැතිගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක්