ගිනිගෙන දැවුණු ඓතිහාසික නොත්‍රදාම් දේවස්ථානය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ප්‍රංශය ජාත්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පීන්ට විවෘත ආරාධනයක් කළේය.
ඉකුත් සඳුඳා (15) සිදු වූ ව්‍යවසනයෙන් වසර සියවස් ගණනක් පැරැණි නොත්‍රදාම් දේවස්ථානයේ වහළ සහ දේවස්ථානයේ කුලුන සම්පූර්ණයෙන් විනාශයට පත්විය. ගින්නෙන් විනාශ වූ කොටස් ප්‍රතිනිර්මාණය කිරීමේදී නොත්‍රදාම් දේවස්ථානයේ කුලුන පැවැති සම්ප්‍රාදයික ආකාරයටම නිර්මාණය කරන්නේ ද නැතහොත් ඊට නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණ එකතු කරමින් නිර්මාණය කරන්නේ ද යනුවෙන් ද ප්‍රංශය ලෝකයෙන් විමසීය.
ප්‍රංශයේ ජාතික සංකේතයක් මෙන්ම පැරිස් නුවර හදවත බඳු වූ නොත්‍රදාම් දේවස්ථානය වසර පහක් ඇතුළත නැවත ගොඩනගන බව ද එරට ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ප්‍රංශ ජනතාවට සහ ලෝකයට පොරොන්දුවක් දුන්නේය.
කෝටිපතියන්, ජාත්‍යන්තර සමාගම්, දේශීය සමාගම්, දානපතිනයන් ඇතුළු විශාල පිරිසක් දේවස්ථානය නැවත ගොඩනැගීමට මූල්‍ය සහ විශේෂ සහාය ලබාදීමට පොරොන්දු වී තිබෙන අතර පෙරේදා (17) වනවිට දේවස්ථානය නැවත ගොඩනැගීමේ කටයුත්ත වෙනුවෙන් යූරෝ මිලියන 900ක් මුදලක් ලැබෙන බව වාර්තා විය.
මීට වසර 200කට පෙර 12 වැනි සියවසේ මැද භාගයේදී ඉදි කෙරුණු නොත්‍රදාම් දේවස්ථානය 1800 මැද භාගයේදී ප්රතිසංස්කරණයකට ලක්විය. එම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වූ ඉයුජීන් වියෝලේ ල දියුක් ප්‍රතිසංස්කරණවලදී දේවස්ථානයේ වහළයට කුලුන එක් කරන ලදි.
“දේවස්ථානය ප්‍රතිනිර්මාණය කිරීමේදී කුලුන පැවැති අයුරින්ම නිර්මාණය කරනවාද නැතහොත් නව ආරකින් ඉදි කරනවාද කියා බලන්න ඕනේ. ජාත්‍යන්තර තරගයක් පැවැත්වීමෙන් අපට ඊට පිළිතුරු සොයාගන්න පුළුවන්” ප්‍රංශයේ අගමැති එඩුවාඞ් පිලිපේ පැවැසීය.
“කුලුන පැවැති අයුරින්ම ඉදි කරනවාද ? නැතහොත් නොත්රදාමයේ කුලුන අපේ යුගයේ තාක්ෂණය සහ අභියෝග විදහා දැක්වෙන අයුරින් ඉදි කරනවාද ?” යන ප්‍රශ්නයට පිළිතුරු සොයාගත යුතු බව ද හෙතෙම කීය.
රොයිටර් ඇසුරිනි
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නොත්‍රදාම් දේවස්ථානය ප්‍රතිනිර්මාණය කරන්න ගෘහ නිර්මාණ ශිල්පීන්ට ආරාධනයක්