සෝල්හිදී/බීජිංහිදීය (රොයිටර්)
දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම් සීමා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
මේ වනවිට චීන සංචාරයක නිරත වී සිටින දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන්අනිද්දා (14) චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමු වී සාකච්ඡා පවත්වනු ඇත. මේ අනුව නායකයන් දෙදෙනා අතර පැවැත්වෙන සාකච්ඡාවලදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සීමා කිරීම වැඩි අවධානයක් සහ ප්‍රමුඛතාවක් හිමිවනු ඇතැයි පැවසේ.
උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා දැමිය යුතු යැයි චීනය සහ දකුණු කොරියාව නිරන්තරයෙන් අවධාරණය කරයි. කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව තුළ තාඞ් මිසයිල පද්ධතියක් ස්ථාපිත කිරීමත් සමඟ චීනයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.
දකුණු කොරියාව සහ චීනයේ උතුරු කොරියාව සම්බන්ධයෙන් එකම මතයක සිටියද මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවක් හෝ සාකච්ඡාවක් නොපැවැත්විණි.
දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ වසර තුළ දී චීන ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වන්නේ තෙවැනි වරටය. කෙසේ නමුත් මූන් ජායි ඉන් දකුණු කොරියාවේ ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව චීන සංචාරයක නිරත වන්නේ පළමු වරටය. මෙවර හමුවේදී නායකයන් උතුරු කොරියානු අර්බුදයට අමතරව දෙරට අතර වෙළෙඳාම සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනත් සමඟ තාඞ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් තිබෙන බවත් එසේ වුවද එය කිසිදු අවස්ථාවකදී චීනයට එරෙහිව භාවිත නොකරන බවත් දකුණු කොරියානු ජනාධිපතිවරයා චීන රාජ්‍ය රූපවාහිනි නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
න්‍යෂ්ටික අත්හදා බැලීම් සීමා කිරීමේ සාකච්ඡා