ඉදිරි කාලයේදී තමන් සතුව ඇති න්‍යෂ්ටික බලාගාර හතම වසා දැමීමට ස්පාඤ්ඤය තීරණය කර ඇත. මේ අනුව 2025 වසරේ සිට 2035 දක්වා කාලයේදී එම න්‍යෂ්ටික බලාගාර වසා දැමෙනු ඇත.
වසර 2050 වනවිට රටට අවශ්‍ය සියලු විදුලිබලය පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලින් සපයා ගැනීමට ද ස්පාඤ්ඤය බලාපොරොත්තු වේ.
ස්පාඤ්ඤයේ බලශක්ති අමාත්‍ය තෙරේසා රිබේරා ඒ බව නිවේදනය කළාය. ස්පාඤ්ඤයේ පවතිනුයේ සමාජවාදී ආණ්ඩුවක් වන ආණ්ඩුව ඉක්මන් මැතිවරණයක් කැඳවීමට සූදානමින් සිටී. එරට අයවැය ද නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිත අතර අයවැය ඡන්දයෙන් ආණ්ඩුව පරාජයට පත්වීමේ අවදානමක් ද හටගෙන තිබේ.
පසුගිය වසර වනවිට ස්පාඤ්ඤයේ ප්‍රධාන භූමියේ බලශක්තිවලින් සියයට 40ක් නිපදවූයේ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලිනි.
වසර 2021 සිට 2030 දක්වා කාලයේදී න්‍යෂ්ටික බලාගාර අත්හැර පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍රවලින් විදුලිය උත්පාදනය කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 235ක ආයෝජනයක් අවශ්‍ය වන බව ස්පාඤ්ඤ අගමැති පෙඩ්‍රෝ සැන්චෙස් පසුගිය දිනෙක පැවැසීය.
රොයිටර් ඇසුරිනි
055
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
න්‍යෂ්ටික බලාගාර වහන්න ස්පාඤ්ඤය තීරණය කරයි
Kumar Wednesday, 13 February 2019 04:54 PM
න්‍යෂ්ටික වීදුලි බලාගාරයක් පාවිච්චිය නතර කලාට ඉදිරියට වසර 10,000ක් පමණ කාලයක් එය බලාගැනීමට සේවක පිරිසක් යෙදවීමට සිදුවෙනවා.
hesa Wednesday, 13 February 2019 08:51 PM
බුදු අම්මෝ, ඒ වියදමත් එක්ක ගොඩ ඒමක් නැහැනේ. පරම්පරා නම් කීයක්ද?