අන්කාරාහිදීය (රොයිටර්)
න්‍යෂ්ටික අවි තිබෙන රටවල් ලෝකයට තර්ජනය කරන්නේ යැයි තුර්කි ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් චෝදනා කරයි.
න්‍යෂ්ටික අවි තිබෙන රටවල් ලෝකයට තර්ජනය කරමින් සිටින බවට චෝදනා කළ උතුරු කොරියානු නායකයා ඇමෙරිකා එක්සත් ජනපදය 2015 දී අත්සන් තැබූ ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ ඉවත් වීමට ගත් තීරණය ද විවේචනය කළේය.
න්‍යෂ්ටික යුද ශීර්ෂ 15,000ක් පමණ තිබෙන රටවල් අද වනවිට ලෝකයට තර්ජනය කරමින් සිටින්නේ යැයි හෙතෙම චෝදනා කළේය. තුර්කි ජනාධිපතිවරයා සඳහන් කළ සංඛ්‍යාව එක්සත් ජනපදයේ සහ රුසියාවේ න්‍යෂ්ටික යුද ශීර්ෂවල එකතුවට සමානය. තුර්කි ජනාධිපතිවරයා ඉරානයට ද චෝදනා කළේය.
“න්‍යෂ්ටික යුද ශීර්ෂ තිබෙන රටවල් ලෝකයට තර්ජනය කරන්නේ ඇයි ? ” දැයි ද හෙතෙම විමසීය.
“අපි සාධාරණ නම්, සාධාරණ බවක් පෙන්වීමට නම්, න්‍යෂ්ටික අවි තිබෙන රටවල් න්‍යෂ්ටික බලාගාර තිබෙන රටවලට ජාත්‍යන්තර ප්‍රජාව තුළ වගවීමක් තිබෙන්න බැහැ” යැයි මුස්ලිම්වරුන්ගේ ශුද්ධ මාසය වන රාමදාන් මාසයේ ‘ඉෆ්තාර්’ රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වෙමින් තුර්කි ජනාධිපතිවරයා කීය.
මැද පෙරදිග කලාපය න්‍යෂ්ටික අවිවලින් තොර විය යුතු බව සඳහන් කළ තුර්කි ජනාධිපතිවරයා මැද පෙරදිග කලාපයේ න්‍යෂ්ටික අවි තිබෙන එකම රට ඊශ්‍රායල යැයි තමන් විශ්වාස කරන බව ද කීය.
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
න්‍යෂ්ටික අවි ඇති රටවල් ලෝකයට තර්ජනයක්
ravi Thursday, 24 May 2018 05:42 AM
කඩන්න බැරි මිදී , ඉතින් කොහොමත් තිත්ත්යිනේ .