IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


න්‍යෂ්ටික අවි අතහැරියොත් කිම් ජොන්ට බලයේ සිටිය හැකි බව ට්‍රම්ප් කියයි

න්‍යෂ්ටික ආයුධ අත්හැරිය හොත් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ට දිගටම බලයේ රැඳි සිටිය හැකි යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 


දකුණු කොරියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වීමත් න්‍යෂ්ටික අවි අත්හරින්නැයි නිරන්තරයෙන් අවධාරණය කිරීමත් නිසා උතුරු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පසුගිය දින කිහිපයේදී මතභේදාත්මක තත්ත්වයක් උද්ගත විය.
 
ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වීම සාමය සඳහා මෙතෙක් ගත් ක්‍රියාමාර්ග සියල්ල අපතේ හැරීමක් යැයි සඳහන් කළ උතුරු කොරියාව ඇමෙරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික අවි අත්හරින්නැයි තමන්ට අඛණ්ඩව සහ ඒකාපාර්ශවිකව බලපෑම් කළහොත් ජූනි 12 වැනිදා දෙරටේ නායකයන් අතර පැවැත්වීමට නියමිතව තිබෙන හමුව අවලංගු කරන බව ද අවධාරණය කළේය.
 
මේ තත්ත්වය මත මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉහත කරුණු කීවේය. 
 
ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබෙන හමුව සාර්ථක වුවහොත් “කිම්ට ලැබෙන ආරක්ෂාව ඉතා ශක්තිමත් වේවි” යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ කීය.
 
“ඔහු ඔහුගේ රටේ ඉඳිවී, ඔහු ඔහුගේ රට පාලනය කරාවි. ඒ වගේම ඔහුගේ රට පොහොසත් රටක් වේවි” යැයි ද ඇමෙරිකා ජනාධිපතිවරයා කීවේය. 
 
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය තරමක අනතුරු ඇඟවීමක් යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. සාකච්ඡා අසාර්ථක වුවහොත් උතුරු කොරියා නායකයාට ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිට අත් වූ ඉරණම අත්වනු ඇති බවට ද ඇමෙරිකා නායකයා ව්‍යංගයෙන් පැවැසීය. 
 
ඉදිරි මාස හයක කාලයේදී න්‍යෂ්ටික අවි ශීර්ෂ කිහිපයක්, අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල ඇතුළු තවත් ආයුධ අයිතම කිහිපයක් ඇමෙරිකාව වෙත එවන්නැයි එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ බ්‍රහස්පතින්දා (17) උතුරු කොරියාවෙන් ඉල්ලීය. 
 
උතුරු කොරියාව එසේ කළහොත් ත්‍රස්තවාදීන්ට සහාය දක්වන රාජ්‍යය ලැයිස්තුවෙන් උතුරු කොරියාව ඉවත් කිරීමට කටයුතු කරන බව මයික් පොම්පෙඕ කීය. 
 
උතුරු කොරියානු නායකයා චීන ජනාධිපති ෂී ජින්පින්ග්ට වුවමනා පරිදි කටයුතු කරන්නේ යැයි ද ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවැසීය. 
 
“චීන ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයාට බලපෑම් කරනවා වෙන්න පුළුවන්. එය ඉතා පැහැදිලියි. එය වෙන්න පුළුවන්” 
යැයි චීන ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා අතර මෑතකදී පැවැති හමුව ගැනද සඳහන් කරමින් හෙතෙම කීය.
 
ලිබියාවේ හිටපු නායක ගඩාෆි 2003 වසරේදී තම න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීමටත් රසායනික අවි ඉවත් කිරීමටත් එකඟ විය. එහෙත් එකඟ වූ පරිදි එම ක්‍රියාවලිය සිදු නොවූ අතර ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාවල සහාය ඇති ව ආණ්ඩු විරෝධී කැරැලිකරුවෝ එවකට ආණ්ඩුව සහ ගඩාෆි බලයෙන් පහ කළහ. ගඩාෆි කැරැලිකරුවන් අතින් ඝාතනයට ද ලක්විය. 
 
“ලිබියානු ආකෘතිය ගැන අපි හිතන්නේ නැහැ. ලිබියාවේදී සිද්ධ වුණේ සම්පූර්ණ විනාශයක්. අපි ගඩාෆිට පහර දුන්නා” යැයි ට්‍රම්ප් කීය.
 
“අද අපි සාකච්ඡා මට්ටමේ ඉන්නවා. සාකච්ඡා අසාර්ථක වුණොත් අපට එකඟතාවකට එන්න බැරි වුණොත් එවැන්නක් වෙන්න පුළුවන්” ට්‍රම්ප් ජනාධිපතිවරයා උතුරු කොරියාවට අනතුරු අඟවමින් කීය.
 
“එහෙත් අපිට සාකච්ඡා කරලා එකඟතාවකට එන්න පුළුවන් වුණොත් උතුරු කොරියාවේ නායක කිම් ගොඩාක් සතුටු වේවි. ඔහු බොහෝ සතුටු වේවි” යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් කීය. 
 
ඒ.එෆ්.පී
 
055
 



අදහස් (3)

න්‍යෂ්ටික අවි අතහැරියොත් කිම් ජොන්ට බලයේ සිටිය හැකි බව ට්‍රම්ප් කියයි

රවින් Saturday, 19 May 2018 08:07 AM

අප්පා !! මෙයාද තීරණය කරන්නේ ලෝකේ ඉන්න පත්වන නායකයින් ගැන. වැටෙන්නේ පහළට මිස, ඉහළට නොවේ. උඩ පැන්නොත් බිම වැටේ.

:       2       90

සේනක Saturday, 19 May 2018 08:38 AM

එයා හිතනවා 80 දශකයේ දේවල් දැනුත් කරන්න පුළුවන් කියලා. මෙදාපාර තමයි ඇමරිකාව ඉතිහාසයේ කාපු හොඳම ඉල්ලන්කෑම කන්නේ...

:       2       80

පුෂ්පා Monday, 21 May 2018 07:17 AM

ඇමෙරිකාව දෙවන ලෝක යුද්ධයෙන් පසු කිසිම යුද්ධයක් ඔය කලාපයේ දිනුවේ නෑ. මතකනෙ වියට්නාමයේ, කාම්බෝජයේ වුන දේ. ගඩාෆිට ගහපු එකත් වමට ඉතා බර වූ , ප්‍රබල වාමාංශික මිතුරන් සිටින උතුරු කොරියාවට ගහන එකත් සමාන කරන්න බැහැ. ඇමෙරිකාව කවදද ලෝක පොලිස්කාරයා වුනේ? උතුරු කොරියාව වැරදි වැඩ කරන එක ඇත්තයි. නමුත් ඇමෙරිකාව කරන දේවල් වලින් කිසි හොඳක් වේ යැයි හිතන්න අමාරුයි.

:       0       24

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 144 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 96 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 105 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 36 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 867 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site