ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී)
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය ඇප මත නිදහස් කරන්නැයි ඉස්ලාමාබාද් මහාධිකරණය අද (19) නියෝග කළේය.
දූෂණ චෝදනාවලට වරදකරු කරමින් එරට අධිකරණයක් මීට පෙර හිටපු අගමැති නවාස් ෂරීෆ්, ඔහුගේ දියණිය සහ බෑණාට සිර දඬුවම් නියම කළේය.
එම සිර දඬුවම අත්හිටුවමින් අවසන් තීන්දුව දෙන තුරු හිටපු අගමැතිවරයා, ඔහුගේ දියණිය මර්යාම් නවාස් සහ බෑණා කපිතාන් සෆ්දාර් ඇප මත නිදහස් කරන්නැයි ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කළ බව හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ නීතිඥවරයා වන කවාජා හැරිස් පැවැසීය.
පකිස්තානු රුපියල් 500,000 (එක්සත් ජනපද ඩොලර් 4,024) ක් ගෙවීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කරන බව කවාජා හැරිස් කීය.
මෙම තීන්දුවට එරෙහිව පාකිස්තානයේ දූෂණ විරෝධී ඒකකය අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද පැවසේ.
නවාස් ෂරීෆ් බලයෙන් පහ කරන ලද්දේ ද අධිකරණ තීන්දුවකිනි. දූෂණ චෝදනාවලට වරදකරු කරමින් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වර්ෂයේදී නවාස් ෂරීෆ් බලයෙන් පහ කළේය.
පසුගිය ජූලි මාසයේදී දූෂණ විරෝධී අධිකරණයක් හිටපු අගමැතිවරයාට එරෙහිව තිබූ චෝදනා විභාගයට ගනිමින් ඔහු එම චෝදනාවලට වරදකරු කළේය. දූෂණ චෝදනාවලට වරදකරු වූ නවාස් ෂරීෆ්ට වසර 10කට සහ වසර 7කට අත්හිටුවන ලද සිරදඬුවමක් නියම කළේය.
එම නඩු තීන්දුව ලබාදෙන අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා සිටියේ බ්‍රිතාන්‍යයේය. මහ මැතිවරණයට සහභාගී වීම සඳහා හිටපු අගමැතිවරයා එම මාසයේදීම පාකිස්තානයට පැමිණි අතර ගුවන් තොටුපොළේදී ඔහු සහ ඔහුගේ දියණිය අත්අඩංගුවට පත්වූහ.
මේ අතර මේ මස මුලදී නවාස් ෂරීෆ්ගේ බිරිඳ කල්සූම් නවාස් අභාවප්‍රාප්ත වූවාය. ඒ, දීර්ඝ පිළිකා රෝගී තත්ත්වය උත්සන්න වීමෙනි.
ලන්ඩන් නුවර සිට කල්සූම්ගේ දේහය පාකිස්තානය බලා ගෙන එන ලද අතර, අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්, නවාස් ෂරීෆ්ට, දියණියට සහ ඇගේ සැමියාට අවමංගල කටයුතු සඳහා සහභාගී වීමට පැය 12 ක විශේෂ සමාවක් ද ලැබුණි.
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නවාස් ෂරීෆ් - දියණිය ඇප මත නිදහස්
Ravi Thursday, 20 September 2018 04:28 AM
එතකොට පකිස්ථානයේ ගෙවන්නේ ඉන්දියන් රුපියල් වලින්ද?
upali Thursday, 20 September 2018 05:18 AM
පකිස්ථානය භාවිතා කෙරෙන්නේ ඉන්දියානු රුපියල්ද ?