වෙලින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් අද (19) හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් තමා ගැබිනියක බවත් ලබන ජූනි මාසයේදී දරු ප්‍රසූතිය අපේක්ෂා කරන බවත් නිවේදනය කළාය.
මේ අනුව අගමැතිනිය ධුරය දරන අතරවාරයේදී දරුවකට උපත ලබාදෙන ප්‍රථම නවසීලන්ත අගමැතිනිය බවට පත්වීමට ඇය සමත්වනු ඇත.
තිස්හත්වන වියේ පසුවන ජසින්ඞ් ආඞ්න් අගමැතිධුරයට පත්වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.
ගැබ්ගැනීම තමා අපේක්ෂා කළ දෙයක් නොවූවත් ඒ බව දැනගැනීමෙන් පසු තමාත් තමාගේ සහකරු ක්ලාක් ගයිෆෝඞ් ඉමහත් සතුටටත් පුදුමයටත් පත්වූ බව මාධ්‍යවේදීන් හමුවේ කීවාය.
“අප දෙදෙනාම ඉතාමත් සතුටට පත්වෙලා ඉන්නේ. අපට පවුලක් අවශ්‍යයි” යැයි ද ඇය පැවසුවාය. නවසීලන්ත අගමැතිනිය අනුහස් සහිත නායිකාවක යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. ඇය පසුගිය වසරේදී සුවිශේෂී ජනප්‍රියත්වයක් හිමිකරගත්තාය.
නවසීලන්තයේ මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂයේ නායකත්වය පැමිණ වසරක් ගතවෙන්නට පෙර සැලකිය යුතු ජනප්‍රියත්වයක් හිමිකරගත්තාය. මැතිවරණයේදී පසුගිය වරට වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ඇගේ ජනප්‍රියත්වය කම්කරු පක්ෂයට සහාය විය. ඇය දැනට ලොව සිටින ළාබලතම රාජ්‍ය නායිකාව ද වන්නීය.
“අපි හිතුවේ 2017 වසර සුවිශේෂී වසරක් කියලා” යැයි සඳහන් කරමින් නවසීලන්ත අගමැතිනිය ට්විටර් පණිවිඩයක් පළ කර තිබිණි.
“මේ අවුරුද්දේ අපිත් මාපියන් ගොඩට එක්වෙනවා. මම අගමැති වගේම මවක්. ක්ලාක් පියෙක්” යැයි ද සඳහන් කළාය.
දරු ප්‍රසූතියෙන් පසු තමන් සති හයකට ආසන්න කාලයක විවේකයක් ගන්නා බවත් එම කාලයේදී නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් ධුරයේ කටයුතු කරගෙන යනු ඇතැයි ද ඇය මාධ්‍ය හමුවේදී පැවසුවාය.
මීට පෙර 1990 වසරේදී අගමැතිධුරය දරන අතරවාරයේදී පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ දියණියකට උපත දුන්නාය. රාජකීය පවුල් හැරෙන්නට රාජ්‍ය නායිකාව ධුරයේ කටයුතු කරන සමයේදීම දරුවකට උපත ලබාදුන් පළමු අවස්ථාව එය යැයි එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.
ලොව වටා සමාජජාල ගිණුම් රැසක් ඇයට සහාය දක්වමින් සහ සුබපැතුම් එක්කරමින් ඡායාරූප සහ අදහස් පළ කර තිබිණි. නවසීලන්තයේ දේශපාලනඥයන් මෙන්ම අසල්වැසි ඕස්ටේ්රලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් ඇතුළු තවත් රාජ්‍ය නායකයන් රැසක් ද ඇයට සුබපැතුම් එක් කර තිබිණි.
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නවසීලන්ත අගමැතිනියට අලුත් වගකීමක්
amila Saturday, 20 January 2018 04:00 AM
මගෙනුත් එයට සුබ පැතුම්!!!!!!!!!!