කාබුල්හිදීය (රොයිටර්)
ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර නගරයක් වන නන්ගාර්හාර්හි තලේබාන් සහ ඇෆ්ගන් සන්නද්ධ බලකා ඉලක්ක කරගනිමින් එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තලේබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ එක්ව ඊද් අල් ෆිතර් උත්සවය (රාමදාන්) සැමරීම සඳහා එක්ව සිටි අවස්ථාවකදී එම මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ සෙනසුරාදා (16) දිනයේදීය.
රාමදාන් උත්සවය වෙනුවෙන් තලේබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අතර සටන්විරාම කාලයක් ප්‍රකාශයට පත් කරන ලදි. මීට පෙර කිසිදු අවස්ථාවකදී එවැනි සටන් විරාමයක් ඇති කරගෙන නොතිබිණි.
අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගත්තේය. ඔවුන්ගේ පුවත් සේවය වන ‘අමාක්’ පුවත් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාරයේ වගකීම බාරගත් අයි.එස් සංවිධානය ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්‍රහාරයේ ඉල්ලකය වූ බව ද සඳහන් කළේය. ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැතැයි තලේබාන් සංවිධානය ඒ අතරවාරයේදී ප්‍රකාශ කළේය.
රාමදාන් උපවාසය අවසන් කරමින් ඊද් අල් ෆිතර් උත්සවය සැමරීම සඳහා තලේබාන් සටන්කාමීන් ආයුධ අත්හැර කාබුල් අගනුවරට සහ තවත් නගර කිහිපයකට පැමිණ සිටියහ. ඔවුහු ඇෆ්ගන් ආරක්ෂක අංශ එක්වෙමින් එකිනෙකා බදා ගනිමින් ආහාර පානාදිය බෙදාහදාගත් අතර සෙල්ෆි ඡායාරූප ද ගත්හ.
- 055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නන්ගාර්හාර්හි කාර් බෝම්බ ප්‍රහාරයකින් 26ක් මරුට