IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ධනවතුන්ගේ ලයිස්තුවෙන් ට්‍රම්ප් පහළට ඇදවැටෙයි

(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරෙනි-055)

‘ෆෝබ්ස්’ සඟරාව ඉදිරිපත් කළ ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුව අනුව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ස්ථානය 220 සිට 544 දක්වා පහත වැටී ඇතැයි  ‘ෆෝබ්ස්’ සඟරාව වාර්තා  කරයි. එම වාර්තාවට අනුව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5කි.

ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ හිමිකරු හා නිර්මාතෘ වන බිල් ගේට්ස් මහතා නැවත වරක් සමත්ව තිබේ. 

එම ලයිස්තුවට අනුව ගේට්ස් මහතාගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකා ඩොලර් බිලියන 86ක් දක්වා වැඩි වී ඇත. ඒ මහතාගේ මීට පෙර සම්පූර්ණ වත්කම ඇමෙරිකා ඩොලර් බිලියන 75ක් විය.ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවේ දෙවැනි තැන ආයෝජකයකු වන වොරන් මහතා සිටියි.ඔහුගේ වත්කම ඇමෙරිකා ඩොලර් බිලියන 14.8 සිට ඇමෙරිකා ඩොලර් බිලියන 75.6 දක්වා වැඩි වී තිබේ. 

ෆෝබ්ස් සඟරාවේ සටහන් ධනවතුන්ගේ ලයිස්තුවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බිලියනපතියන් 183 දෙනකු සිටින අතර ඔවුන්ගේ සම්පූර්ණ වත්කම ඩොලර් ට්‍රිලියනකි. ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවට ‘ඇමසන්’ සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසෝස් මහතා ද ඇතුළත්ය. ඔහු තෙවැනි තැනට පත්ව සිටින අතර ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකා ඩොලර් බිලියන 72.8කි.

ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවේ පස්වැනි ස්ථානය හිමිව ඇත්තේ ‘ෆේස්බුක්’ සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මහතාටය. ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකා ඩොලර් බිලියන 56කි.   

ෆෝබ්ස් සඟරාව ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවට සැකසීම ආරම්භ කර වසර 31කට පසු බිලියනපතියන්ගේ සංඛ්‍යාව වාර්තා ගත ලෙස සියයට 13කින් ඉහළ ගොස් තිබෙන අතර ඒ අනුව ලොව දැනට සිටින බිලියනපතියන්ගේ සංඛ්‍යාව 2,043කි.ලයිස්තුවේ සිටින ඇමෙරිකා ජාතික බිලියනපතියන්ගේ සංඛ්‍යාව 565කි.එහි දෙවැනි ස්ථානයට පත්ව තිබෙන්නේ චීනය වන අතර චීන ජාතික බිලියනපතියන්ගේ සංඛ්‍යාව 319කි.තෙවැනි තැන සිටින්නේ ජර්මනියයි. ජර්මන් ජාතික බිලියනපතියන්ගේ සංඛ්‍යාව 114කි. 



අදහස් (3)

ධනවතුන්ගේ ලයිස්තුවෙන් ට්‍රම්ප් පහළට ඇදවැටෙයි

lalith Tuesday, 21 March 2017 04:29 PM

හැම රටේම කට්ටිය ඉන්නවා. අපේ රටේ කවුරුවත් නැතිද? අඩු තරමේ අර පුත් කුමාරවරුවත්?

:       55       110

samira Wednesday, 22 March 2017 02:10 PM

ඇමෙරිකාවේ එහෙම වුනාට මෙහෙ වෙන්නේ අනිත් පැත්ත මුකුත්ම නැති එවුන් බිලියනපතියෝ වෙනවා

:       0       20

madushaa Thursday, 23 March 2017 07:43 AM

මෙහෙ නම් ජනාධිපති වෙලා තමයි කෝටිපතියෝ වෙන්නේ. එහෙ කෝටිපතියෝ, ජනාධිපතිලා වුනාම දුප්පත් වෙනවා

:       0       81

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 180 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 87 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 7348 12

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 88 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 403 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 728 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site