දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී අද (2) ආරම්භ විය.
25 වැනි වරට පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුව හෙවත් ‘දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්රඥප්ති රාමුව’, ‘කොප්25’ යනුවෙන් නම් කර තිබේ.
අද (2) සිට දෙසැම්බර් (13) වැනිදා දක්වා සති දෙකක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත මෙම සමුළුවට රාජ්‍ය නායකයන් 50 දෙනකු ඇතුළු 29,--000කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මෙම සමුළුව පැවැත්වීමේ බලවත් ඕනෑකම සහ හදිසි අවශ්‍යතාව මීට දින කිහිපයට පෙර පෙන්වා දුන්නේය. දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදය “ආපසු හැරීමට නොහැකි” තැනකට පත්ව ඇතැයි ද හෙතෙම කීය.
දේශගුණික විපර්යාස මැඩ පැවැත්වීමට “දේශපාලනික වුවමානවක් හා කැමැත්තක් නැති බව”ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පැවැසීය.
වායු විමෝචනය වැඩි වශයෙන් කරන රටවල් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදක්වන බවට ද ඇන්තෝනියෝ ගුටරෙස් චෝදනාත්මක ස්වරයෙන් කීවේය.
රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයන් මෙවර සමුළුවට පැමිණීමට නියමිතය. මෙවර සමුළුවේදී 2015 වසරේදී අත්සන් තැබූ ‘පැරිස් ප්රඥප්තියේ’ සඳහන් එහෙත් ක්‍රියාවට නැගීමට හා සාකච්ඡාවට ලක් කිරීමට නොහැකි වූ කරුණු සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතය. හරිතාගාර වායු විමෝචනය සීමා කිරීමට ගන්නා වෙළෙඳපොළ පදනම් කරගත් පද්ධතිය සහ මුහුදු මට්ටම ඉහළ යෑමෙන් අවදානමට ලක්ව තිබෙන රටවලට සහන සැලැසීම යන කරුණු ද ඊට අයත් ය.
මෙම සමුළුව මුලින්ම බ්‍රසීලයේ පැවැත්වීමටත් ඉන් අනතුරුව චිලී රාජ්‍යයේ පැවැත්වීමටත් නියමිතව තිබිණි. එහෙත් බ්‍රසීල ජනාධිපතිගේ මැතිවරණයත් සැන්තියාගෝ හි විරෝධතා නිසාත් සැලැසුම් වෙනස් කිරීමට සංවිධායකයන්ට සිදුවිය. ස්පාඤ්ඤය අවසාන මොහොතේදී සමුළුව පැවැත්වීමට එකඟ විය.
පසුගිය ඉරිදා යුරෝපා සංගමයේ නව තනතුරුවලට පත්වූ නව නායක කණ්ඩායම මෙවර සමුළුවේදී මුල් තැනක් ගනු ඇතැයි පැවසේ. එම කණ්ඩායම යුරෝපා සංගමය තුළ ද දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රතිපත්තිවලට වැඩි ප්රමුඛත්වයක් දෙනු ඇතැයි පැවසේ.
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ මෙවර සමුළුවට ද ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිසිවකු සහභාගී නොවන බව වාර්තා වේ. කෙසේ නමුත් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලොසි ඇතුළු කොංග්රස් මණ්ඩල සභිකයන්ගෙන් සමන්විත 15 දෙනකුගේ කණ්ඩායමක් මැඞ්රිඞ් නුවරට පැමිණීමට නියමිත බව ද වාර්තා විය.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය මාසයේදී පැරිස් සම්මුතියෙන් ඉවත් වීමේ වසරක ක්‍රියාවලිය ආරම්භ කළේය. එසේ කළ එකම රට වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ඒ.එෆ්.පී. සහ රොයිටර්ස් ඇසුරිනි
055
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ඇරඹේ