IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දත්ත සොරා ගත්තැයි මෝදිටත් චෝදනා

මුම්බායිහිදීය (රොයිටර්)
 
පෞද්ගලික පරිශීලක දත්ත භාවිත කරන්නන්ගේ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ දත්ත තෙවැනි පාර්ශ්වයකට යැවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සහ ඔහුගේ නිල ජංගම දුරකතන මෘදුකාංගයට චෝදනා එල්ල වී තිබේ.
 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ජංගම දුරකතන මෘදුකාංගය භාවිත කරන පුද්ගලයන්ගේ දත්ත ඔවුන්ගේ අනුදැනුමකින් තොරව තෙවැනි පාර්ශ්වයකට යවා ඇති බව දැනගන්නට ලැබීමත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබේ. 
 
මෘදුකාංගය පරිශීලකයන්ගේ දත්ත ඔවුන්ගේ අනුදැනුමකින් ඇමෙරිකා එක්සත් ජනපද සමාගමක් විසින් ලබාගෙන ඇති බව සඳහන් කරමින් ආරක්ෂක පර්යේෂකයකු ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමත් සමඟ මෙම අර්බුදය හටගත්තේය. 
 
කෙසේ නමුත් මෝදිගේ පාලක භාරතීය පක්ෂය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. දත්ත භාවිත කරන ලද්දේ විශ්ලේෂණ කටයුතු සඳහා පමණක් බවත් පරිශීලකයන් ඉතා හොඳ අන්තර්ගතයක් ලබාදීම සඳහා එසේ සිදුකළ බවත් භාරතීය ජනතා පක්ෂය තවදුරටත් සඳහන් කර තිබේ.
 
එම තොරතුරු අනාවරණය වීමත් සමඟ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ ප්‍රධානී රාහුල් ගාන්ධි අගමැති මෝදි විවේචනය කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබූ අතර සමාජ මාධ්‍ය තුළින් ද අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවටත් මෘදුකාංගයටත් විශාල වශයෙන් විවේචන එල්ල වී තිබිණි.
 
රාහුල් ගාන්ධි අවධානය වෙනතක යොමු කිරීමට උත්සාහ ගන්නා බව, ගාන්ධිගේ චෝදනාවලට පිළිතුරු දෙමින් භාරතීය ජනතා පක්ෂය සඳහන් කර තිබිණි. 
 
කොංග්‍රස් පක්ෂය චෝදනාවලට ලක්ව සිටින ‘කේම්බ්‍රිජ් ඇනලිටිකා’ සමාගම සමඟ සබඳතා පවත්වා ඇති බවට විවිධ වාර්තා පළ වී ඇතැයි ඉන්දියාවේ නීතිය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රවි ෂන්කර් ප්‍රසාද් පසුගිය සතියේදී පැවැසීය. රාහුල් ගාන්ධිගේ සමාජ මාධ්‍ය භාවිතය තුළ ‘කේම්බ්‍රිජ් ඇනලිටිකා’ සමාගමේ කාර්යභාරය පැහැදිලි කරන්නැයි ද භාරතීය ජනතා පක්ෂය ඉල්ලා තිබිණි. එසේ වුවත් කොංග්‍රස් පක්ෂය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. 

අගමැති මෝදිගේ මෘදුකාංගය දියත් කරන ලද්දේ 2015 වසරේදීය. අගමැති මෝදි යනු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය පෙනි සිටින්නෙක් සහ ලෝක නායකයන් අතර ෆේස්බුක් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය භාවිත වැඩි වශයෙන් භාවිත කරන්නෙකි. 
 
අගමැති ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ ජනප්‍රියතම දේශපාලනයන් පස්දෙනා අතර සිටින අතර ඔහුගේ ට්විටර් ගිණුමේ සාමාජික සංඛ්‍යාව (ෆලෝවර්ස්) මිලියන 41.4කි. 
 
055



අදහස් (0)

දත්ත සොරා ගත්තැයි මෝදිටත් චෝදනා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 0 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 0 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 3 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 278 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 117 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 8677 15

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site