IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දකුණු සුඩාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි

දකුණු සුඩානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට ජනාධිපති සැල්වා කීර් පියවර ගෙන ඇත.

දකුණු සුඩානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට ජනාධිපති සැල්වා කීර් පියවර ගෙන ඇත.

වසර පහක් මුළුල්ලේ එරට සිවිල් යුද්ධයට මැදිව සිටින විවිධ පාර්ශවවල නියෝජිතයන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සලසා දීම සඳහා මෙලෙස දකුණු සුඩාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.

මෙම තීරණය බොහෝ කාලයක් ප්‍රමාද වෙමින් තිබූ තීරණයක් යැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අදහස් ප්‍රකාශ කරමින් සිවිල් සමාජ කණ්ඩායම් සහ සමාජ ක්‍රියාකාරීන් පැවැසීය.

මීට වසර තුනකට පෙර සාම ගිවිසුමකට අත්සන් තබන ලද අතර ඊට අනුව සැල්වා කීර්ගේ පැරැණි සතුරා වන රීක් මචාර්ගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්විය යුතු ගණන සම්පූර්ණ පාර්ලිමේන්තු ආසන ගණනෙන් හතරෙන් එකකි.

අදාළ ගිවිසුමට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පත්විය යුත්තේ පාලක පක්ෂය වන එස්.බී.එල්.එම්. පක්ෂයෙනි. එම ආසන 550 කි.

දකුණු සුඩානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජන ඡන්දයකින් තෝරාපත් කරනොගන්නා අතර විවිධ දේශපාලන පක්ෂවලින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් නම් කරයි.

“එය සිදුවෙන්න සති හෝ මාස ගණනක් යන්න ඉඩ නොදෙමු” යැයි අදාළ සාම ගිවිසුමට අත්සන් තබන ලද සිවිල් සමාජ කණ්ඩායමක් වන කමියුනිටි එම්පවර්මෙන්ට් ෆෝ ප්‍රෝග්‍රස් ඕගනයිසේශන් හි එඩ්මන්ඩ් යකානි බී.බී.සී. පුවත් සේවයට පැවැසීය.

“ජනාධිපතිවරයා පුළුවන්නම් සඳුදා වෙද්දි පාර්ලිමේන්තුවක් පිහිටවිය යුතු” යැයි ද හෙතෙම කීය.

දකුණු සුඩානයේ 2013 වසරේ දී ඇති වූ අර්බුදය අප්‍රිකාවේ ඇති වූ දරුණුම මානුෂීය අර්බුදවලින් එකකි. මෙම ගැටුම හේතුවෙන් 380,000කට වැඩි පිරිසක් ඝාතනයට ලක්වූ අතර තවත් මිලියන ගණනකට උන් හිටි තැන් අහිමි විය.

ඒ.එෆ්.පී.



අදහස් (1)

දකුණු සුඩාන පාර්ලිමේන්තුව විසුරුවා හරියි

rocky Monday, 10 May 2021 10:32 AM

මෙන්න අපේ මිනිසුන්ට නාම යෝජනා බාරදෙන්න අවස්ථාවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 57 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 54 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 46 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 15 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 283 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site