(ඉස්තාන්බුල් (ඒ.එෆ්.පී)
හමුදා කුමන්ත්රණයත් සමඟ පැනවූ හදිසි නීතිය බදාදා, එනම් අද (18) සිට ඉවත් කිරීමට තුර්කි රජය තීරණය කර ඇත.
වසර 2016 දියත් කෙරුණු අසාර්ථක හමුදා කුමන්ත්රණයත් සමඟ හදිසි නීතිය පැනවීමට තුර්කි ජනාධිපතිවරයා පියවර ගත්තේය. හදිසි නීතිය ඉවත් කළත් රජය දැඩි නීතිරීති පනවනු ඇතැයි එරට විපක්ෂ කණ්ඩායම් බිය පළ කරයි.
හමුදා කුමන්ත්‍රණය සිදු වී දින පහකට පසු එනම් 2016 වසරේ ජූලි 20 වැනිදා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට තුර්කි ජනාධිපති රෙජෙබ් තායිප් ඇර්දොවාන් පියවර ගත්තේය. තුර්කි ජනරජය පෙරළා දමමින් බලය අල්ලා ගැනීමට දරන ලද උත්සාහයේදී අන්කාරා නුවරට ප්‍රහාරක යානා බෝම්බ ප්‍රහාර ද එල්ල කළේය. හමුදාවේ කොටසක් දියත් කරන මෙම හමුදා කුමන්ත්රණයෙන් 249 ට ජීවිත අහිමි විය.
සාමාන්‍යයෙන් මාස තුනක කාලයකට හදිසි නීතිය පැනවුවද 2016 වසරේ ජූලි 20 වැනිදා පැනවූ හදිසි අවස්ථා හතකදී දීර්ඝ කළ අතර එම කාලයේදී 80,000කට ආසන්න පිරිසක් දේශද්‍රෝහී චෝදනා මත රඳවා ගැනුණි. රාජ්‍ය අංශයේ රැකියාවල නිරත වූ එම සංඛ්‍යාව මෙන් දෙගුණයකට ආසන්න පිරිසක් රැකියාවලින් නෙරපා දමන ලදි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වන ෆෙතුල්ලා ගුලාන් මෙම අසාර්ථක කුමන්ත්රණයේ මහමොළකරු යැයි තුර්කි රජය චෝදනා කළ අතර කුර්දි ක්‍රියාකාරීන් සහ වාමාංශිකයන් ද ඒ පිටුපස සිටි බවට ද තුර්කි රජය චෝදනා කරයි.
කුර්දි හිතවාදී ‘පීපල්ස් ඩිමොක්රටික්’ පක්ෂයේ නායකයන් ෆිගෙන් යුක්සෙක්දා සහ සෙලහතීන් දෙමිර්තාෂ් යන 2016 වසරේ නොවැම්බර් මාසයේ සිට තවමත් සිරභාරයේ පසුවෙති. කුර්දි සටන්කාමීන් සමඟ සබඳතා පැවැත්වූ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
(055)
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තුර්කියේ හදිසි නීතිය ඉවත් කෙරේ