IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


තුර්කි සරණාගතයන් බාර ගැනීමට එරෙහිව ග්‍රීක දූපත් වැසියෝ විරෝධයක

තුර්කියේ සිට පැමිණෙන සංචාරකයන් බාරගැනීම සම්බන්ධයෙන් ග්‍රීක දූපත් වැසියෝ එරට රජයට එරෙහිව වැඩ වර්ජන සහ විරෝධතා පවතිවන බව වාර්තා වේ.

ලෙස්බොස්, සමොස් සහ චියොස් යන දූපත්වාසීන් මෙලෙස විරෝධතා පවත් වන අතර සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතින බවත් ජනාකීර්ණ කඳවුරු වල තත්ත්වය කණගාටුදායක බවත් ඔවුහු පවසති.

ලෙස්බොස් දූපතේ විශාලතම කඳවුර මන මොරියාහි සරණාගතයින් 19000කට වැඩි පිරිසක් වාසය කරන අතර එහි පහසුකම් ඇත්තේ 2840ක පිරිසකට පමණක් බව පැවසේ.

"අපට අපේ දූපත් නැවත අවශ්‍යයි," "උතුරු ඒජියන් වැසියන් සඳහා තවත් බන්ධනාගාර අවශ්‍ය නොවේ" යනුවෙන් සඳහන් බැනර් බොහෝ ස්ථාන වල එල්ලා ඇත.

විරෝධතාකරුවන් 3000ක් පමණ ලෙස්බොස්හි අගනුවර වන මයිටිලීන් වෙත රැස්ව සිටි අතර සමෝස් නගර මධ්‍යයේ පෙලපාලිකරුවන් 1500ක් පමණ රැස්වී සිටියහ.

කඩසාප්පු හා කාර්යාල වසා දමා තිබූ අතර බස් සහ කුලී රථ රියදුරන් ද වර්ජනයට එක්ව සිටියහ.

"සමෝස් නගරයේ අපට වඩා සංක්‍රමණියන් බොහෝ සිටිති. ඔවුන්ගේ ආගම වෙනස්ය.

ඔවුහු අපේ සංස්කෘතිය වෙනස් කරති. එසේම ඔවුන් අපේ සංචාරක කර්මාන්තයට ද අහිතකර ලෙස බලපෑම් කරති" යනුවෙන් විරෝධතාකරුවන් සඳහන් කර ඇත.

 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

තුර්කි සරණාගතයන් බාර ගැනීමට එරෙහිව ග්‍රීක දූපත් වැසියෝ විරෝධයක

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 59 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 968 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 29 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 2087 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 24 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


ඉරානයට පහර දෙන්න සුදුසු අවස්ථාව එනකල් ඉන්නවා
2024 අප්‍රේල් මස 15 3595 1

ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායලය ඊයේ (15) පැවැසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 138 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1418 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site