පාකිස්තාන තලේබාන් සංවිධානයේ නායක මුල්ලා ෆායුල්ලාගේ පුත් අබ්දුල්ලා ඇතුලු 20 දෙනෙකු ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගොස් ඇතයි විදේශ මාධ්‍ය සදහන් කරයි.
තලේබාන් සංවිධානය ප්‍රකාශ කරනුයේ මෙම පිරිස ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ කුනාර් ප්‍රාන්තයේ තලේබාන් කඳවුරකට එල්ලවූ ප්‍රහාරයකින් මියගිය බවයි.
විදෙස් මාධ්‍ය මේවනවිට වාර්තාකර ඇති පරිදි මියගිය අය අතර ජ්‍යෙෂ්ඨ තලේබාන් නායකයකු වන ගුල් මොහොමඩ් සහ එම සංවිධානයේ යුද පුහුණුකරුවකු වන යාසීන් ද සිටින අතර මියගිය වැඩි දෙනා මරාගෙන මැරෙන සටන්කාමීන් බව සදහන් වේ.
පසුගිය කාලයේදී පාකිස්තාන තලේබාන් සංවිධානයේ ප්‍රහාර වල අඩුවීමක් දකින මුත් ඔවුන් වරින්වර පාකිස්තානය තුළ ප්‍රබල ප්‍රහාර දියත්කර විශාල හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් ප්‍රමාණයක් මරාදමා ඇතග 2017 වර්ෂයේ හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් අවම වශයෙන් 748 මරාදමා ඇති අතර පාකිස්තාන තලේබාන් කන්ඩායම 2012 වසරේ 3739 දෙනෙකු පකිස්තානයේදී මරාදමා ඇත. එය වසරක් තුළ සිදුවු වැඩිම මරණ ප්‍රමාණය වේ.
පාකිස්තාන හමුදා දත්ත අනුව පාකිස්තාන තලේබාන් සටන්කාමීන් 4000ක් පමණ 2013 වර්ෂයේ සිට මරාදමා ඇති බවට පවසන නමුත් ස්වාධීන කණ්ඩායම් වලට එහි යෑමට නොහැකි බැවින් ඒවා ස්ථිර ලෙස ප්‍රකාශ කළ නොහැකි බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
(255)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තලේබාන් නායකයාගේ පුතා ඇතුළු 20 ක් ඇමෙරිකා ප්‍රහාරයකින් මරුට