තලේබාන් සංවිධානය සහ ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් අතර සිවුවැනි දිනටත් අද (24) සාකච්ඡා පැවැත්විණි.වසර 17ක් මුළුල්ලේ දිග්ගැස්සෙන ඇෆ්ගනිස්තාන අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් කටාරයේදී මෙම සාකච්ඡා පැවැත්වේ.
“සාකච්ඡා තවමත් පැවැත්වෙනවා” යැයි තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලාහ් මුජහිද් පැවැසීය. “එකඟතාවකට පැමිණි පසු අපි සවිස්තරව සාකච්ඡා පවත්වනවා” යැයි ද ඔහු කීය.
ඇෆ්ගනිස්තාන අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්වේ. සාම ගිවිසුමක් ඇති කරගැනීම එහි ප්‍රධාන අරමුණ වී තිබෙන අතර සාකච්ඡා සාර්ථක වුවහොත් බොහෝ විට තලේබාන් සංවිධානය දේශපාලනයට පිවිසෙනු ඇත. ඒ අනුව තලේබාන් සංවිධානය මීළඟ ආණ්ඩුවේ පාර්ශවයක් වනු ඇතැයි ද පැවසේ.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තලේබාන් - ඇමෙරිකාව අතර සිවුවැනි දිනටත් සාකච්ඡා