IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තල්මස් සිරුරේ ප්ලාස්ටික් කිලෝ 40ක්

පිලිපීනයේ ඩවාවෝ නගරයට නැගෙනහිරින් පිහිටි වෙරළ තීරයක තිබී හමුවූ මියගිය තල්මසකුගේ ආමාශයේ ප්ලාස්ටික් බෑග් කිලෝග්‍රෑම් 40ක් තිබී හමුවූ බව පර්යේෂකයෝ සඳහන් කරති.
 
එය මෙතෙක් තල්මසකුගේ සිරුරේ තිබී හමුවූ විශාලම පොලිතීන් හා ප්ලාස්ටික් තොගය බව මෙම ගවේෂණය සිදුකළ ඩි බෝන් කෞතුකාගාරයේ බලධාරීහු කියති.
 
ෂොපින් බෑග් විශාල ප්‍රමාණයක් සහ සහල් දැමීමට භාවිත කරන ගෝනි 16ක් තල්මස් ආමාශයේ තිබී ඇත.
 
පිලිපීනය ද ඇතුළුව ගිණිකොණදිග ආසියානු රටවල් බොහොමයක මෙලෙස ඉවත දමන ප්ලාස්ටික් හා පොලිතීන් දැවැන්ත ගැටලුවක් බවට පත්වී ඇතැයි පරිසර විද්‍යාඥයෝ අවධාරණය කරති.
 
චීනය, ඉන්දියාව, තායිලන්තය, පිලිපීනය හා වියට්නාමය යන ආසියානු රටවල් පහේම ඉවත දමන ප්ලාස්ටික් වලින් 60%ක් සාගරයේ තැන්පත් වන බව ගණයය කර ඇති අතර 2015 වර්ෂයේ නිකුත් වූ වාර්තාවක මේ බව සඳහන් කර ඇත.
 
කසල කළමණාකරනය කිරීම සඳහා ප්‍රමාණවත් පියවර නොගතහොත් ඉදිරි දස වසර තුල සාගරයේ තැන්පත් වන ප්ලාස්ටික් ප්‍රමාණය තෙගුන වනු ඇති බවට බ්‍රිතාන්‍ය රජය මෑතකදී එළිදරව් කලේය.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

තල්මස් සිරුරේ ප්ලාස්ටික් කිලෝ 40ක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 93 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 204 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 145 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1484 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 438 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 778 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site