IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් එෆ්.බී.අයි ආයතනයට චෝදනා

ෆ්ලෝරීඩා හි පාසලක සිදු වූ වෙඩි තැබීම නවත්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඇමෙරික ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එෆ්.බී.අයි ආයතනයට චෝදනා කරයි. 
 
එෆ්.බී.අයි ආයතනය රුසියාව තමන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයට සම්බන්ධයෙන් වූයේ ද සෙවීමට බොහෝ කාලයක් ගන්නා අතරවාරයේදී ඔවුන්ට තවත් බොහෝ දේ මගහැරී ඇතැයි ට්විටර් ගිණුමේ පණිවුඩයක් දමමින් ඇමෙරිකා ජනාධිපතිවරයා එලෙස චෝදනා කළේය. 
 
එෆ්.බී.අයි ආයතනය ජනාධිපති ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට රුසියාව සම්බන්ධ වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන මේ නිසාම ජනාධිපතිවරයා සහ එෆ්.බී.අයි ආයතනය අතර නිරන්තරයෙන් මත ගැටුමේ ඇති වේ.  
 
“මගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට රුසියාව සම්බන්ධ වූ බව තහවුරු කිරීමට එෆ්.බී.අයි ආයතනය බොහෝ කාලයක් වැය කරනවා. රුසියාව ඊට සම්බන්ධ වුණේ. නියමිත වැඩ කොටස කරන්න. අපිට ආඩම්බර විය හැකි දෙයක් කරන්න” යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩයේ දැක්විණි.
 
ෆ්ලෝරීඩා පාසලේ වෙඩි තැබීමට සම්බන්ධ නිකොලස් කෘස් සම්බන්ධයෙන් තොරතුරු ලැබුණ ද ඒ අනුව කටයුතු කිරීමට නොහැකි වූ  බව එස්.බී.අයි ආයතනය ඉකුත් දා පැවැසීය. ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ පාක්ලන්ඞ් හි පාසලක සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 
 
ඒ.එෆ්.පී/රොයිටර් 
 
055 



අදහස් (0)

ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් එෆ්.බී.අයි ආයතනයට චෝදනා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 57 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 54 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 46 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 15 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 283 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 125 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site