ඩෙන්මාර්කයේ "මින්ක්" මුගටියන් වළදැමූ ස්ථාන වලින් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි ප්‍රදේශවාසීන් පැමිණිලි කර තිබේ.
කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපළවල සතුන් දහස් ගණනක් මෙම මාසය මුලදී මරා දැමුණු අතර ඔවුන් වළ දැමූ ස්ථානවලින් සෞඛ්‍යයට තර්ජනයක් එල්ලවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මිනී වලවල් සතුන් විසින් හෑරීම සිදුකර ඇති බවද වර්ෂාවට වැලි සහිත පස් සේදී ගොස් සත්ත්ව මළකුණු මතුවී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.ඩෙන්මාර්කයේ බටහිර, හමුදාවට අයත් භූමි ප්‍රදේශයක මෙම සතුන් වළදමා තිබේ.
බලධාරීන් පවසන්නේ මීටර් 2.5ක් ගැඹුරු අගලක සතුන් වළ දමා මීටර් 2ක් පමණ උසට පස් දැමූ බවයි.
පැය 24 පුරාම මෙම වළවල් ආරක්ෂා කරන බවද සඳහන් වේ.
සතුන් වළදැමූ ස්ථාන වලින් කොරෝනා පැතිරීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසන නමුත් ආසන්න ජල මූලාශ දූෂණය වීමේ අවදානමක් ඇති බවට නිවැසියන් පැමිණිලි කර ඇත.
සතුන් අපරීක්ෂාකාරීව කඩිමුඩියේ වළදැමීම සම්බන්ධව බොහෝ විවේචන ද එල්ලවී තිබේ.
මේ සම්බන්දව කඩිනමින් පියවරක් ගතයුතු බවත් මිනී වළවල් හාරා සතුන් දහනය කරන ස්ථානයකට ගෙනයන ලෙසත් ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඩෙන්මාර්කයේ මින්ක් මුගටි වළ දැමූ තැන්වලින් කොරෝනා පැතිරීමේ අවදානමක්
Nuwan Friday, 27 November 2020 02:53 PM
කෝ මේ නීති නවන අලි මහත්තයා?
HitanSunday, 29 November 2020 06:50 AM
ලොක්කා හරියට පුවත් කියවන්න, මිනිස්සු කියන්නේ... මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද බන්...? සුළඟින් ඒඩ්ස් බෝ වෙනවා කියපු අය ඉන්නේ අපේ රටේ !!!
සමන්ත Friday, 27 November 2020 03:01 PM
මේ පුවත් කොරෝනා වලින් මැරෙන අය භූමිදානය කරන්න කියලා කියන අයගේ නෙත ගැටේවා...!!!
anuraSaturday, 28 November 2020 01:39 AM
ඒකට කමක් නැහැ, එතකොට පොළව හාරන ඌරුමීයන්ගේ බඩවල් තුළ ස්වර්ගයක් මැවේවි...
lankaMonday, 30 November 2020 02:11 AM
සම්පූර්ණ ලිපිය කියවලා නොවෙයිද කමෙන්ට් කළේ..?
හර්ෂ Friday, 27 November 2020 04:54 PM
මිනිස්සු විතරද මේ ලෝකේ ජීවත් වෙන්න ඕන. සත්තුන්ට ජීවත්වෙන්න අයිතියක් නැද්ද? මිනිස්සුන්ට ඉක්මණටම මේ අපරාධ වලට දඬුවම් ලැබෙන්න ඕනෑ.
reksSaturday, 28 November 2020 02:34 AM
කුකුල් මස් කරන්නේ, කුකුල්ලු මරන්නේ නැතුවද? දන්නේ නැති නිසයි අහන්නේ...