අතුරු ආබාධ සම්බන්ධයෙන් ඇති වූ අවදානමක් හේතුවෙන් මහජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට ඩෙන්මාර්කය පියවර ගෙන ඇත.
එන්නත ලබාගත් කිහිපදෙනකු දරුණු ආකාරයේ රුධිරය කැටි ගැසීමේ තත්ත්වවලට මුහුණ දී ඇති බවත් එක් පුද්ගලයකු ඒ හේතුවෙන් මරණයට පත්ව ඇති බවත් වාර්තා වේ.
මේ හේතුවෙන් සති දෙකක කාලයක් සඳහා එන්නත ලබාදීම නවත්වන බව ඩෙන්මාර්ක බලධාරීහු ඊයේ (11) ප්‍රකාශ කළහ.
ඇස්ට්‍රාසෙනකා එන්නත ලබාදුන් 60 හැවිරිදි කාන්තාවක් රුධිර කැටි ගැසී මියයෑම හේතුවෙන් ඩෙන්මාර්ක බලධාරීන් එම පියවර ගෙන තිබේ.
ඔස්ට්‍රියාවේ භාවිත කරන ලද ඇස්ට්‍රාසෙනක එන්නත් තොගයෙන් කොටසකින් එම කාන්තාවට එම එන්නත් මාත්‍රාව ලබා දී තිබේ.
ඩෙන්මාර්කයේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් තමන් ද ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීම තාවකාලිකව නතර කරන බව නෝර්වේ සෞඛ්‍ය බලධාරීහු ඊයේ (11) පස්වරුවේ ප්‍රකාශ කළහ.
රොයිටර්
055
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඩෙන්මාර්කය - නෝර්වේ ඇස්ට්‍රාසෙනකා එන්නත දීම නවත්වයි
hesa Friday, 12 March 2021 07:57 AM
ඒ එන්නත නතර කර, වෙනත් එන්නතක් දෙයිද? මැරුණු අය කෝවිඩ් 19 ගිණුමට බැර කරයිද..? ඊළඟ කතාව ඕකවෙයිද..?