ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරාකයේ ස්වෛරීභාවය උල්ලංඝණය කර ඇතැයි එරට දේශපාලන සහ හමුදා නායකයෝ චෝදනා කරති.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පෙර දැනුම් දීමකින් තොරව ඉරාකයේ සිටින ඇමෙරිකා සෙබළුන්ගේ සුව දුක් විමසීම සඳහා ඉරාකයට පැමිණීමත් සමඟ මෙම චෝදනා එල්ල වී තිබේ.
එම සංචාරය අතරතුරදී ඉරාක අගමැති අදෙල් අබ්දුල් මහ්දි සහ ඇමෙරිකා ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ස්ථානය පිළිබඳව ගැටලුවක් නිසා එම හමුව අවලංගු කළ බව ඉරාක මැති ඇමැතිවරු කීහ.
“ඇමෙරිකා ජනාධිපතිවරයා ඉරාකයේ ස්වෛරීභාවය උල්ලංඝණය කරලා. ඔහු කිසිදු සීමාවක් නැතිව ආක්‍රමණශීලි ලෙස හැසිරෙනවා. ට්‍රම්ප් ඔහුගේ සීමා දැනගත යුතුයි. ඇමෙරිකා ඉරාකය අත්පත් කරගැනීමට ගත් උත්සහාය දැන් අවසන්. ඇමෙරිකා ජනාධිපතිවරයා ඉරාකයේ ස්වෛරීභාවය උල්ලංඝණය කිරීම පිළිබඳ හදිසි පාර්ලිමේන්තු සැසියක් කඩිනමින් කැඳවිය යුතු” යැයි ඉරාකයේ ‘ඉස්ලා පාර්ලිමේන්තු කණ්ඩායමේ’ නායක ෂබාහ් අල් සාදී පැවැසීය.
ඉස්ලා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන ‘බිනා’ කණ්ඩායම මෙන්ම ඉරානයේ සහාය ලබන සන්නද්ධ නායකයකු වන හාදි අල් අමිරී ද ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ඉරාක සංචාරයට විරෝධය පළ කළේය.
“ඇමෙරිකා ජනාධිපතිවරයා පැහැදිලිවම සහ දරුණු ලෙස රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත්, ආචාර් ධර්ම සහ සම්ප්රදාය කඩ කරලා. ඉරාක රජය සමඟ කටයුතු කිරීමේදී ඇමෙරිකා ජනාධිපතිවරයාගේ හැසිරීම පිළිකුල් සහගතයි” බිනා පාර්ලිමේන්තු කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
රොයිටර් ඇසුරිනි
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ට්‍රම්ප්ට ඉරාක නායකයන්ගෙන් චෝදනාවක්