ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ෆ්ලෝරිඩාවේ ඊයේ (18) පැවැති මැතිවරණ රැලියකින් 2020 ජනාධිපතිවරණ සටන සඳහා සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළේය.
දැඩි ඝෝෂාකාරී ස්වභාවයක් ගත් මෙම රැළිය ජාතිකවාදී ස්වරූපයක් ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගෙන් රටට දැඩි තර්ජනයක් ඇති බව ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම මැතිවරණ රැලියේදී පෙන්වා දුන් අතර කර්මාන්තවල සේවයේ නිරත සාමාන්‍ය ඇමෙරිකානු වැසියන් සටන් වදින බව ද අවධාරණයෙන් කීය.
සිය ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂයේ සාමාජිකයන් දැඩි ලෙස විවේචනය කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා ඔවුන් රට විනාශ කිරීමට සැරසෙන රැඩිකල් වාමාංශිකයන් පිරිසක් බවත් ඔවුන් වෛරයෙන් පිරී ඇති බවටත් චෝදනා කළේය. ජනාධිපතිවරණයේදී භූ කම්පනයක් සිදුවනු ඇතැයි ද හෙතෙම කීවේය.
“අපි එක පාරක එය කළා. නැවත වරක් එය කරනවා” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම රැලියේදී පොරොන්දු වූයේය. ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ඕර්ලන්ඩෝ හි පැවැති එම මැතිවරණ රැලියට ට්‍රම්ප්ගේ ආධාරකරුවන් 20,000කට වැඩි පිරිසක් සහභාගී වී සිටියේය.
“ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස දෙවැනි වරටත් ධුරයට තේරී පත්වීම සඳහා මම අද මැතිවරණ ප්‍රචාරණ රැලිය නිල වශයෙන් ආරම්භ කරනවා” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසීය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
(055)
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ට්‍රම්ප් මැතිවරණ සටන අරඹයි
රවින් Wednesday, 19 June 2019 09:50 AM
ලෝක විනාශය අත ළඟ...