ජිනීවාහිදීය (රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පරිපාලනය මැද පෙරදිග කලාපයට සහ ගෝලීය ප්‍රජාවට තර්ජනයක් යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍ය මොහොම්මද් ජවාද් ෂරීෆ් ඒ බව සඳහන් කළේය.
“අපේ කලාපයේ සහ ජාත්‍යන්තරයේ සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් තිබෙන බව සත්‍යයක්. ට්‍රම්ප් පරිපාලනය තමයි එම තර්ජනය. ට්‍රම්ප් පරිපාලනය ලෝකය අස්ථාවර කරනවා. ට්‍රම්ප් පරිපාලනය ප්රමුඛ කරගත් ඇමෙරිකාව අපේ කලාපයේදී මැරයකු ලෙස හැසිරෙනවා. සාහසික අපරාධ කරමින් ඉන්නවා. ඇමෙරිකා එක්සත් ජනපදය සාමාන්‍ය රාජ්‍යයක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු” යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් විණි.
මේ අතර ඉරානය කිසිදු අවස්ථාවකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සාකච්ඡාවක් ඉල්ලුවේ නැතැයි ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක බහ්රම් කසේමි පැවැසීය. මේ සතියේ ආරම්භ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී ඉරානය එවැනි ඉල්ලීමක් කළ බව විදෙස් පුවත් සේවයක් උපුටා දක්වමින් අයි.ආර්.එන්.ඒ පුවත් සේවය වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් එම විදෙස් පුවත් සේවය කුමක් දැයි අයි.ආර්.එන්.ඒ පුවත් වාර්තාවේ සඳහන් වී නොතිබිණි.
ඉරාන ජනාධිපති හසන් රොව්හානි ලබන සතියේදී එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ඇමතීමට නියමිත යැයි ඉරාන මාධ්‍ය වාර්තා කර තිබිණි.
- 055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ට්‍රම්ප් ගැන ඉරානයෙන් චෝදනාවක්