ටජිකිස්ථානයේ උස්බැකිස්ථාන දේශසීමාව ආසන්නයේ මුරපොළකට අයි.එස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් 17 දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති.
ප්‍රහාරය සඳහා සටන්කාමීන් 20 දෙනකු පමණ පැමිණ ඇති බවත් ඔවුන්ගෙන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
දේශසීමා අරගල සම්බන්ධව ටජික්ස්ථානය හා උස්බැකිස්ථානය එකඟතාවයකට පැමිණි බවට වාර්තා වීමෙන් දිනකට පසු මෙම ප්‍රහාරය එල්ල වූ බව පැවසේ.
පසුගිය කාලයේ ටජිකිස්ථානයේ එල්ල වූ බොහෝ ප්‍රහාරයන් අයි.එස් සංවිධානය විසින් සිදුකළ බවට වාර්තා විය.
කෙසේ වුවද අයිඑස් සංවිධානය මෙම ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
(බීබීසී ඇසුරිණි - 085)
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ටජිකිස්ථානයට එල්ල වූ අයිඑස් ප්‍රහාරයකින් 17 ක් මරුට