IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජෝ බයිඩන්ගේ උප ජනාධිපති ධූරයට කළු ජාතික කාන්තාවක්

තමා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වුවහොත් සෙනට් සභික කමලා හැරිස් උප ජනාධිපති ධුරයට පත් කරන බව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් නිවේදනය කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති තරගයට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් කළු ජාතික කාන්තාවක නම් කරන ලද පළමු අවස්ථාව මෙය වේ. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂකයකුගේ උප ජනාධිපති සගයා අප්‍රිකානු-ඇමෙරිකානු සහ ආසියානු-ඇමෙරිකානු ජාතිකයකු වූ පළමු අවස්ථාව ද මෙය වේ.

රිපබ්ලිකන් පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ට, කමලා හැරිස්ගෙන් ඉතා හොඳ සහයෝගයක් හිමිවනු ඇතැයි ද කමලා හැරිස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි අභියෝගයක් වනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

වාර්ගික අසාධාරණත්වයට එරෙහිව මාස ගණනක සිට විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වෙන අතර සමාජය තුළ නොසන්සුන්තාවක් ද ඇති වී තිබේ. මේ තත්ත්වය හේතුවෙන් ජෝ බයිඩන්, සිය ජනාධිපතිවරණ සගයා ලෙස කළු ජාතික කාන්තාවක පත් කිරීමේ දැඩි පීඩනයකට හසුවිය.

කමලා හැරිස් ද ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීමේ සටනට ඉදිරිපත් ව සිටි නමුත් ඉන් ඉදිරියට පැමිණියේ ජෝ බයිඩන් ය. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය නොවැම්බර් මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය. කමල් හැරිස් මේ වනවිට 55 හැවිරිදි වියේ පසුවන අතර කැලිෆෝනියා ප්‍රාන්තය නියෝජනය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාවට පත්ව සිටින්නීය.

‘‘කමල් හැරිස් නිර්භීත සටන්කාමියෙක්. ඇය රටේ ඉතාම හොඳ රාජ්‍ය සේවකයෙක්’’ යැයි ජෝ බයිඩන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, කමලා හැරිස් සම්බන්ධයෙන් සඳහනක් කර තිබිණි. ඊට පිළිතුරු ට්විටර් පණිවුඩයක් නිකුත් කළ කමලා හැරිස්, ජෝ බයිඩන් ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් අප වෙනුවෙන් සටන් කළ බවත් ඒ නිසා ඔහුට ඇමෙරිකානු ජනතාව එක්සත් කළ හැකි බවත් සඳහන් කළාය.

ජෝ බයිඩන්ගේ උපන් නගරය වන ඩෙලවෙයාර්හි, විල්මින්ටන්හිදී උත්සවයක් පැවැත්වීමට නියමිත අතර ජෝ බයිඩන් සහ කමලා හැරිස් එහිදි එක්ව ප්‍රසිද්ධියේ පෙනී සිටීමට නියමිතය.
කමලා හැරිස් සෙනට් සභාවට තේරී පත්වූයේ 2016 වසරේදීය. ඇමෙරිකානු ඉතිහාසයේ, එරට සෙනට් සභාවට තේරී පත්වූ දෙවැනි කළු ජාතික කාන්තාව වන්නේ ද කමලා හැරිස් ය. ඇය මෙවර ජනාධිපතිවරණයේදී අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයන් ඩිමොක්‍රටික් පක්ෂය වෙත ආකර්ශනය කර ගනු ඇතැයි පැවසේ. අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයන් ඩිමොක්‍රටික් පක්ෂයට වඩාත් හිතවත් පිරිසක් ලෙස සැලකේ.

මීට අවුරුදු හතරකට පෙර ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ගේ පරාජයට හේතුවූයේ අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයන්ගේ ඡන්දය. එම ජනාධිපතිවරණයේදී හිලර් ක්ලින්ටන්, ට්‍රම්ප් හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබුවාය. එවර ජනාධිපතිවරණයේදී වසර 20කට පසු ඩිමොක්‍රටික් පක්ෂයට අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයන්ගෙන් ලැබුණු ඡන්ද ප්‍රමාණය අඩු වී තිබිණි.

රොයිටර්

055 



අදහස් (3)

ජෝ බයිඩන්ගේ උප ජනාධිපති ධූරයට කළු ජාතික කාන්තාවක්

Ravi Sene Thursday, 13 August 2020 10:48 AM

කමලා හැරීස් දකුණු ඉන්දියානු සහ ජැමෙයිකානු සම්භවයක් ඇති කාන්තාවක්... අප්‍රිකානු, ඇමෙරිකානු අයෙකු නොවේ..

:       31       20

arschfikaaFriday, 14 August 2020 10:50 AM

ravi sene, ඔව් ඔබ හරි.

:       0       20

sunil gikiyanage Saturday, 15 August 2020 12:28 PM

මම කල්පනා කළේ වාර්තාකාරයින් කොච්චර මිනිස්සුන්ව මුලා කරනවද කියලා. වැරදි වාර්තා ලියලා සම්පූර්ණයෙන්ම නොමග යවනවා. ඇය ඉන්දියානු මවක් සහ ජැමෙයිකානු පියෙකුට දාව උපන් අයෙක්... කොහොමද කලු ජාතික වෙන්නේ? කලු ජාතික කියනකොට හැඟෙන්නේ අප්‍රිකානු කෙනෙක් බව...

:       0       4

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 153 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 95 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 86 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 291 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 132 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1708 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site