පෞද්ගලික ගුවන් සේවා සමාගමක් වන ‘ජෙට් එයාර්වේස්’ සමාගම බංකොලොත් වීම වළක්වා ගැනීම සඳහා සහාය වන්නැයි ඉන්දීය ආණ්ඩුව එරට රාජ්‍ය බැංකුවලින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
අප්‍රේල් හා මැයි මාසවලදී ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ‘ජෙට් එයාර්වේස්’ සමාගම බංකොලොත් වුවහොත් දහස් ගණනකට රැකියා අහිමි වීමේ අවදානමක් ඇති අතර එම නිසා ඊට පෙර කඩිනම් පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී උපදෙස් දී ඇතැයි ද පැවැසේ.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් පරිපාලනයට සම්බන්ධ නිලධාරීන් දෙදෙනකු එම කරුණු සඳහන් කර ඇත.
පසුගිය වසර මුළුල්ලේ ඉන්දීය මුදල් අමාත්‍යාංශය ඉන්දීය රාජ්‍ය බැංකුව (ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා) ඇතුළු බැංකුවලින් ‘ජෙට් එයාර්වේස්’ සමාගමේ මූල්‍ය තත්ත්වය විමසා ඇතැයි එම නිලධාරීහු දෙදෙනා කීහ. පසුගිය මාස කිහිපයේදී බැංකු එම සමාගමේ තත්ත්වය සම්බන්ධයෙන් සතිපතා ආණ්ඩුව දැනුවත් කර තිබෙන අතර රජයේ උපදෙස් ද ඉල්ලා ඇතැයි පැවසේ.
සමාගමේ ණය අගය කරමින් එම සමාගමේ කොටස් මිලදී ගන්නැයි ඉන්දීය මධ්‍යම ආණ්ඩුව බැංකුවලට උපදෙස් දී ඇතැයි ද ආරංචි මාර්ගවලින් කියැවිණි.
මෙය ඉන්දියාව පෞද්ගලික සමාගමක් බංකොලොත් වීම වළක්වා ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ මුදල් භාවිත කරන දුලභ අවස්ථාවක් යැයි ද පැවැසිණි.
රොයිටර් ඇසුරිනි
055
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජෙට් එයාර්වේස් රැකගන්න ඉන්දියාව එරට බැංකුවලින් සහය ඉල්ලයි