IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජූලියන් අසාන්ජේ අත්අඩංගුවට

ලෝ ප්‍රකට විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජේ අද (11) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ දී පොලිස් අත්අඩංගුවට පත්විය. 

තානාපති කාර්යාලයට පොලිසිය පැමිණ ඇත්තේ ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුවය.  

“හතළිස් හත් හැවිරිදි වියේ පසුවන ජූලියන් අසාන්ජේ අප්‍රේල් මස 11 වැනිදා මෙට්‍රෝපොලිටන් පොලිස් සේවාවේ අත්අඩංගුවට පත් වූවා” යැයි ලන්ඩන් පොලිසිය සඳහන් කළේය. 

ජූලියන් අසාන්ජේට ඉක්වදෝර රජයේ රැකවරණ හිමි වී තිබිණි. අසාන්ජේට එලෙස රැකවරණ ලබාදීම අවසන් කිරීමට ඉක්වෝදරය තීරණය කිරීමෙන් අනතුරුව ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපතිවරයා පොලිසියට තානාපති කාර්යාලයට පැමිණෙන්නැයි ඉල්ලීමක් කර ඇත.

ස්වීඩනයට පිටුවහල් කිරීම වැළැක්වීම සඳහා ජූලියන් අසාන්ජේ 2012 වසරේදී ඉක්වදෝරයේ සරණාගත රැකවරණය ඉල්ලා සිටි අතර ඔහු එම වසරේ සිට ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ යටතේ පසුවිය. ලිංගික අඩත්තේට්ටම චෝදනාවක විමර්ශනයකට ජූලියන් අසාන්ජේ ස්වීඩනයට අවශ්‍ය කර තිබිණි. කෙසේ නමුත් පසුව එම චෝදනාව අත්හැර දමන ලදි.

කෙසේ නමුත් ජූලියන් අසාන්ජේ ඇමෙරිකාවට අවශ්‍ය කර තිබෙන බවට වාර්තා විය. විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට ඇමෙරිකාවට ඔහු අවශ්‍ය කර තිබෙන බව එම වාර්තාවල දැක්විණි. 

(රොයිටර් ඇසුරිනි 

055)

 

 



අදහස් (2)

ජූලියන් අසාන්ජේ අත්අඩංගුවට

ravi Thursday, 11 April 2019 10:57 AM

මෙන්න මේ මහත්තය තමයි .... මානව අයිතිවාසිකම් ගැන සහ මරණීය දණ්ඩනයට විරුද්දව කතාකරන රටවල් වල ... පැටිකිරිය හෙළිකළේ .... !!!

:       53       270

විජිත් Thursday, 11 April 2019 03:20 PM

මේ මනුස්සයා අදහන්න වටින කෙනෙක්. ඇමෙරිකාව ලෝකයේ රටවල් වලට හොර රහසින් කල දේශපාලනික සහ ආර්ථික කෙනෙහිලිකම්, කුමන්ත්‍රණ රාශියක්, ඔහු ලොවට සාක්ෂිත් සමගම හෙලිකලා. අපේ රටෙත් ත්‍රස්තවාදී කොටින්ට පක්ෂපාත වන ආකාරයේ ලියවිලි කිහිපයක්ම ඒවායෙහි ඇතුලත්වුනා. ඉක්වදෝරය වගේ හිඟන රටක රැකවරණ ඉල්ලීමට මොහුට සිදුවුනේ වෙනත් කිසිම රටක් ඔහුට පිළිසරණට ඒමට මැලි බවක් දැක්වූ නිසයි. නමුත් අවසානයේදී ඒ රටේ තානාපති කාර්යාලයෙන්ම ඔහුව පාවා දුන්නා. අපි බලමු එංගලන්තය මොහුව ඇමෙරිකාවට බාර දෙයිද එහෙමත් නැතිනම් ස්වීඩනයට බාරදේවිද.. එහෙමත් නැතිනම් එංගලන්තයේ රැකවරන දේවිද කියලා.

:       1       29

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 109 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 70 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 5383 11

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 69 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 393 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 727 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site