පාකිස්තානයේ ඉලක්ක වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ සටන්කාමීන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දියාව අද (25) ප්‍රකාශ කළේය.
මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය උග්‍ර අතට හැරිණි. එම ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබිණි.
“බුද්ධි අංශ වාර්තා පදනම් කරගනිමින් මේ මෙහෙයුම ක්‍රියාත්මක වුණා. බලාකොට් හි තිබෙන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ විශාලතම පුහුණු කඳවුරට ඉන්දියාව ප්‍රහාර එල්ලා කළා” යැයි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් විජේ ගෝකලේ පැවැසීය.
“මෙම මෙහෙයුමේදී ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ ත්‍රස්තවාදීන්, පුහුණුකරුවන්, ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්, ජිහාද් කණ්ඩායම්වල විශාල පිරිසක් මියගියා. ඔවුන් ෆිදායින් ක්‍රියාකාරකම් පුහුණු වෙමින් සිටියා” යැයි ගෝකලේ කීය. ෆිදායින් යනු මරාගෙන මැරෙන ඉස්ලාමීය සටන්කාමීන් හැඳින්වීමට යොදාගන්නා වචනයකි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විජේ ගෝකලේ මෙහෙයුම සම්බන්ධයෙන් ඊට අමතරව කිසිවක් සඳහන් නොකළේය.
රොයිටර් ඇසුරිනි
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජායිෂ් ඊ සටන්කාමීන් රැසක් ගුවන් ප්‍රහාර වලින් ජීවිතක්ෂයට