පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (1) පියවර ගත්තේය.
ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කළේය.
එහෙත් චීනය තාක්ෂණික කරුණක් මතු කිරීම නිසා එම යෝජනාව කල් තැබිණි. චීනය තම විරෝධතා ඉවත් කරගැනීමත් සමඟ මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද (1) පියවර ගත්තේය.
පෙබරවාරි 14 වැනිදා මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළු 40ක් මරුමුවට පත්වූහ. ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගත්තේය. එම ප්‍රහාරය නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ද හටගත්තේය.
අල් කයිඩා සංවිධානය සමඟ සබඳකම් පැවැත්වීම මසූද් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
මසූද් නායකත්වය දරන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම් ලැයිස්තුවට ඇතුළත් කරන ලද්දේ 2001 වසරේදී ය.
මසූද් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීමත් සමඟ ඔහුගේ ජාත්‍යන්තර වත්කම් සියල්ල අත්හිටුවන අතර ගෝලීය සංචාරක තහනමක් සහ ආයුද තහනමක් ද පැනවේ.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායකයා ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට