ජපානයේ තල් මසුන් ඇල්ලීමේ වාර්ෂික වැඩසටහනට යුරෝපීය සංගමය සහ තවත් රටවල් 12කින් විරෝධතා එල්ල වී තිබේ. කෙසේ නමුත් තල්මසුන් අල්ලා ගනුයේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා යැයි ජපානය අවධාරණය කරයි.
තල්මසුන් අල්ලා ගැනීමේ අරමුණින් නොවැම්බර් මාසයේදී ජපානයට අයත් නෞකා සමූහයක් දකුණු දිග සාගරය (ඇන්ටාර්ක්ටික් සාගරය) වෙත ගමන් කර තිබේ. එම පිරිස මාස හතරක කාලයක් එහි රැඳී සිටිමින් මින්කි තල්මසුන් 333ක් අල්ලා ගැනීමට සූදානම් බව පැවසේ.
මෙලෙස තල්මසුන් අල්ලා ගනුයේ ඔවුන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීමට සහ ජීව විද්‍යාත්මක පර්යේෂණ සඳහා යැයි ජපාන ධීවර ආයතනය සඳහන් කරයි. එවැනි පර්යේෂණ හෝ අධ්‍යයන අවශ්‍ය නැතැයි ද එවැනි ක්‍රියාකාරකම්වලට මුවා වී ජපානය තල්මසුන් දඩයමේ නිරත වන්නේ යැයි ද විවිධ පිරිස් වලින් චෝදනා එල්ල වී තිබේ.
“විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජපානය දකුණු දිග සාගරයේ තල්මසුන් ඇල්ලීමට විරෝධය පළ කරනවා” යැයි යුරෝපා සංගමය සහ අනෙකුත් රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
තල්මසුන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර කොමිසම දකුණු දිග සාගරය තල්මසුන්ගේ අභයභූමියක් ලෙස නම් කර තිබේ. එම කොමිසමේ මූලිකත්වයෙන් තල්මසුන් දඩයම් කිරීම තාවකාලිකව නවතා දැමීමේ අරමුණින් ගිවිසුමකට අත්සන් තැබුණු අතර ජපානය ද ඊට අත්සන් තැබීය.
එසේ වුවත් විද්‍යාත්මක පර්යේෂණවලට බව පවසමින් ජපානය තල්මසුන් දඩයම් කිරීමේ නිරත වෙයි. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය 2014 වසරේදී ජපානය වාර්ෂිකව සිදු කරන තල්මසුන් දඩයම නැවත්විය යුතු යැයි නියෝග කළේය. එමෙන්ම දකුණු දිග සාගරයේ විද්‍යාත්මක පර්යේෂණවලට බව පවසමින් ජපානය කරන තල්මස් දඩයම විද්යාත්ම ප්‍රමිත හා තත්ත්වලට අනුකූල නොවන බව ද එම අධිකරණය ප්‍රකාශ කළේය.
ආජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, චිලී, කොස්ටරිකා, ඩොමිනියන් ජනරජය, ඉක්වදෝරය, මෙක්සිකෝ, නවසීලන්තය, පැනමාව, පේරු සහ උරුගුවේ යුරෝපා සංගමයට අමතරව ජපානයට විරෝධය පළ කර තිබෙන අනෙකුත් රටවල්ය.
(ඒ.එෆ්.පී)
055
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජපානයේ තල්මස් දඩයමට ජාත්‍යන්තර විරෝධයක්
Bamunuarachchi Monday, 18 December 2017 12:31 PM
හිරෝශීමා, නාගසාකී දඬුවම අමතක වෙලා වගේ.
chaminda Monday, 18 December 2017 01:46 PM
අපි වගේ පොඩි රටවල් කලොත් ඔක්කොම රටවල් එ්වි නීතිය කියල දෙන්න. තෙල් ගන්න බොහොමයක් රටවල් දැනටමත් තල්මසුන් මරනවා.
ලුම්බිණි Monday, 18 December 2017 11:14 PM
විද්‍යාත්මක පර්යේෂණ සඳහා යැයි කියමින් මොකටද ලෝකය රවටන්න හදන්නේ? හැමෝම දන්නවා කිසිම පර්යේෂණයක් ජපානය කරලා නැහැ කියල. කරලා තියෙන එකම දේ තමයි කොහොමද වැඩිපුර මේ සත්වයන් අල්ල ගන්නේ කියල කරපු පර්යේෂණ.
sanath Tuesday, 19 December 2017 04:02 AM
ලෝකේ පොහොසත් කියන රටවල් වල මිනිස්සු මුළු ලෝකයම විනාශ මුඛයට ඇදල දමනවා. තල්මස්සු විතරක් නෙමෙයි සමස්ත සත්ව ප්‍රජාවම පෘතුවි තලයෙන් අතුගාලා දමන්න මේ මිනිස්සුන්ට වැඩි කාලයක් යන්නේ නැහැ. තව අවුරුදු 100 කින් පෘතුවියේ ජීවත් වෙන්නේ උරඟ ගණයට අයත් සතුන් සහ ඊට පහල මට්ටමේ සත්තු විතරයි.