IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජපන් මහ මැතිවරණය ඇරඹෙයි

ධාරාණිපාත වර්ෂාව සහ අධික සුළිං සහිත කාලගුණ තත්ත්වයක් යටතේ ජපාන මහ මැතිවරණය අද (22) ආරම්භ විය. ජපාන වේලාවෙන් උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ විය. මැතිවරණය ආරම්භ වනවිටත් ජපානයේ බොහෝ පෙදෙස්වලට අධික වැසි හා සුළං සහිත කාලගුණයක් පැවැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. 
 
අධික වැසි හා සුළං තත්ත්වය නිසා ගුවන් ගමන් සියයකට වැඩි ප්‍රමාණයක් අවංලගු කිරීමට සිදුව ඇතැයි ද දුම්රිය ගමන්වලට බාධා එල්ල වී ඇතැයි එරට බලධාරීහූ ප්‍රකාශ කළහ.
 
අවදානම 4 වැනි තත්ත්වයෙන් තිබෙන සුළි කුණාටුවක් ජපානයේ නැගෙනහිර ඔකිනාවා සිට උතුරු නැගෙනහිර දෙසට ගමන් කරමින් තිබෙන බව ද ජපාන කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබිණි. 
 
ජපාන මහ මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වන්නේ වත්මන් අගමැති ෂින්සෝ අබේට දූෂණ චෝදනා එල්ල වී තිබෙන අවස්ථාවකදී හා උතුරු කොරියාවෙන් පෙර නොපැවැති තර්ජනයක් එල්ල වී තිබෙන අවස්ථාවකදීය. 
 
දූෂණ චෝදනා හේතුවෙන් ජපාන අගමැතිවරයාගේ ජනප්‍රියත්වය අඩු වී ඇතැයි මීට පෙර පැවැසුණද මැතිවරණයෙන් අබේ සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කරගනු ඇතැයි අනාවැකි පළ වී තිබිණි. 
 
අනාවැකි පළ වී ඇති අයුරින් ෂින්සෝ අබේ මැතිවරණයෙන් ජයගත හොත් ඔහුට පශ්චාත් යුද ජපානයේ දීර්ඝතම කාලයක් අගමැතිධුරය හෙබ වූ පුද්ගලයා බවට පත්වීමට අවස්ථාවට උදා වේ. 
 
ෂින්සෝ අබේගේ ජයග්‍රහණයට ඔහු හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිපත්ති බෙහෙවින් උපකාරී වනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දී තිබිණි. එම ආර්ථික ප්‍රතිපත්ති ‘අබේනොමික්ස්’ නමින් ප්‍රසිද්ධියට ද පත්විය. 
 
ජපාන අගමැතිවරයාට ටෝකියෝ හි ආණ්ඩුකාරවරිය වන යුරිකෝ කොයිකේගෙන් අභියෝගයක් එල්ල වූවාය. ඇය තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබුණත් මහ මැතිවරණයේදී අගමැතිවරයා නියෝජනය කරන ‘ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය’ හැරෙන්නට වෙනත් විකල්පයක් ජපාන ඡන්ද දායකයන්ට නැතැයි බී.බී.සී පුවත් සේවයට අදහස් දැක්වූ එක් මැතිවරණ නිරීක්ෂකයකු පවසා තිබිණි. 
 
මහ මැතිවරණයෙන් තම පක්ෂය තුනෙන් දෙකක බහුතරයක් හිමි කරගනු ඇතැයි ෂින්සෝ අබේ අපේක්ෂා කරයි. එම බලය හිමි වුවහොත් අවශ්‍ය පරිදි ව්‍යවස්ථා වෙනස්කම් කිරීමට ෂින්සෝ අබේට අවස්ථාව උදාවනු ඇත. 
 
ඒ අනුව දැනට ජපානයේ පවතින ස්වයං ආරක්ෂක බලකාය ජාතික හමුදාවක් බවට පත්වනු ඇත. ෂින්සෝ අබේට එය සිදු කිරීමට හැකි වුවහොත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය තුළ ජාතික හමුදාවක් ස්ථාපිත කෙරෙන පළමු අවස්ථාව එය වනු ඇත.



අදහස් (1)

ජපන් මහ මැතිවරණය ඇරඹෙයි

pablo Sunday, 22 October 2017 08:25 AM

මමත් ජපානේ ඉන්නේ .. මගේ බිරිඳත් ජපන් ජාතිකයෙක් .. එ්ත් මේ නිවුස් එක අද කියවනකන් මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ අද ජපානේ මහා මැතිවරණය කියලා .. බිරිඳ නං දැනගෙන ඉඳල එ්ත් කියන්න තරම් වටිනා දෙයක් නෙමෙයි හින්දයි කිව්වේ නැහැලු .. කවුරු පත් වුණත් රටේ අනිවාර්ය ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැති හින්දා ඡන්දය මෙහෙ මිනිස්සු ඒ තරම් ගණන් ගන්නේ නැහැ .. ඒකට අපේ ලංකාව ..අපේ ප්‍රාදේශීය සභා ඡන්දෙ තියෙන දවසවත් දන්නේ නැතුව කොහොමද දැන් ඉඳලම තියෙන ඡන්ද උණුසුම ..

:       59       73

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 168 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 105 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site