සඳෙන් පස් සාම්පල රැගෙන ඒම සඳහා චැංජි - 5 ෂටලය අද (24) උදෑසන සාර්ථක ලෙස ගුවන්ගතකළ බව චීනය පවසයි.
මෙහෙයුම සාර්ථක වුවහොත් ෂටලය දෙසැම්බර් මැද භාගයේදී නැවත පෘථිවියට පැමිණෙනු ඇතැයි ද ඔවුහු විශ්වාසය පලකරති.ඒ සමග මෙවන් අතිශය සංකීර්ණ මෙහෙයුමක් සාර්ථක කරගත් ලොව තෙවන රට බවට චීනය පත්වෙයි.
යානය, චීනයේ දකුණු දිග හයිනාන් පළාතේ වෙන්චැං අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කෙරිණ.චන්ද්‍රයාගේ ඕෂන්ස් ප්රොසෙලරම් ලෙස හැඳින්වෙන ගිනිකඳු වලින් සමන්විත කලාපයට චැන්ජි - 5 ගොඩබැස්වීමට නියමිතව ඇත.
මැන්චෙස්ර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය කේට් ජෝයි මහත්මිය පවසන්නේ චැංජි - 5 ෂටලයෙන් ගෙන එන සාම්පල මගින් සඳේ ගිනි කඳු ඇතිවීම සම්බන්ධව අවබෝධයක් ලබා ගත හැකිවන බවයි.
"මෙම යානය යවන්නේ අතීතයේ ගිනිකඳු පුපුරා ගිය බවට සැලකෙන ප්රදේශයකටයි. ගිනි කඳු පිපිරීම් සිදුවූයේ කවදාදැයි අපට දැනගැනීමට අවශ්‍යයි.සඳේ චුම්බක ක්ෂේත්‍ර හා තාප ශක්තිය සම්බන්දව කරුණු දැනගැනීමට අවශ්‍යයි. එමගින් අපට බොහෝ ගැටලු විසඳා ගැනීමට හැකිවේවි," යැයි ඇය පැවසුවාය.
(බීබීසී ඇසුරිණි)
085
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීනයේ ’චැංජි-5’ ෂටලය සඳ බලා ගමන් අරඹයි
Bandara Tuesday, 24 November 2020 09:53 PM
ඕන එකක් කරගන්න. ඕවා අපේ ඔලුවට වට්ටන්න නම් එපා. ගියපාරත් එකක් නවසීලන්තය පැත්තට කඩා වැටුණා. වෙලාවට මුහුදට වැටුණේ.