චීනයේ ෂෙන්ජියැං ප්‍රාන්තයේ සිදු වූ ට්‍රක් රථ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් තවත් 172 ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ චීනයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ නගර දෙකක් අතර ඉන්ධන ප්‍රවාහනය කළ ට්‍රක් රථයකි.
ෂෙන්ජියැං ප්‍රාන්තයේ අධිවේගී පිවිසුමේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් නිවාස හා කර්මාන්තශාලා රැසකට අලාභහානි සිිදු වී ඇත.
පිපිරීමෙන් අනතුරුව ඉහළට විශාල දුමාරයක් නිකුත් වී තිබේ.
අනතුරට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වෙන බව එරට මාධ්‍ය පවසයි.
චීනයේ මෙවැනි අනතුරු බහුල වීමෙන් මෑත වසර කිහිපයක සිට ගෑස් සහ රසායනික කර්මාන්තවල ආරක්ෂිත ප්රමිතීන් ඉහළ නැංවීමට චීනය කටයුතු කරමින් සිටී.
ගතවූ දශක දෙක තුළ අධිවේගී මාර්ග පද්ධතිය වඩාත් පුළුල් කිරිමට චීනය කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාහන ධාවනය ඉහළ ගොස් ඇත.
සෑම වසරකම රිය අනතුරු චීනයේ පුද්ගලයන් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
රොයිටර් ඇසුරෙනි
226
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීනයේ ඉන්ධන ට්‍රක් රථයක පිපිරීමකින් 19 දෙනෙක් මිය යති