වයඹ දිග චීනයේ ගන්ෂු පළාතේ පැතිර යන උණ රෝගයක් සම්බන්ධයෙන් බටහිර පුවත් සේවා වාර්තා කර ඇත.
චීන සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තා සහ එරට රාජ්‍ය පුවත් සේවාවල වාර්තා පාදක කරගනිමින් බටහිර පුවත් සේවා මෙම නව උණ රෝගය සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබේ. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී පැතිර යෑම ආරම්භ වී තිබෙන මෙම රෝගය මේ වනවිට දහස් ගණනකට ආසන්න පිරිසකට ආසාදනය වී ඇතැයි වාර්තා වේ. කෙසේ නමුත් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැතැයි එම වාර්තා වල දැක්වේ.
මෙය ‘කොවිඩ්-19’ මෙන් වයිරස වසංගත තත්ත්වයක් නොවන බවත් බැක්ටීරියා ආසාදන තත්ත්වයක් බවත් පැවසේ. අධික උණ, හිසේ කැක්කුම, මස්පිඩු වේදනාව, සිරුරේ බර අඩුවීම සහ ශරීරය දුර්වල වීම යනාදිය මෙම රෝගී තත්ත්වයේ ලක්ෂණ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
මෙම රෝගී තත්ත්වය නිශ්චිතව හඳුනා නොගතහොත් එය මාරක වනු ඇතැයි ද ඇතැම් වාර්තාවල දැක්වේ. සන්ධි ඉදිමීම සහ ශරීරයේ ඇතැම් අවයම ඉදිමීමට ලක්වීම යනාදියේ මෙම රෝගී තත්ත්වයේ දිගුකාලීන ලක්ෂණ යැයි ද ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
මෝල්ටාවෙන් සහ මධ්‍යධරණී කලාපයෙන්ම මුලින්ම සොයාගැනීම හේතුවෙන් මෙම බැක්ටීරියා ආසාදන තත්ත්වය මෝලටා උණ සහ මධ්‍යධරණී උණ යනුවෙන් ද හැඳින්වේ.
ගන්ෂු පළාතේ අගනුවර ලෙස සැලකෙන්නේ ලැන්ෂෝ ය. සෞඛ්‍ය බලධාරීන්ට අනුව බැක්ටීරියා ආසාදනයට ලක්වූවන්ගේ ගණන 3,245කි. තවත් 1,401 දෙනකුට රෝගීන් යැයි මූලික වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ලැන්ෂෝ හි ජෛව ඖෂධ සමාගමක් අතින්, අත්වැරැදීමකින් අදාළ බැක්ටීරියාව වාතයට මුසු වී ඇතැයි චීන බලධාරීන් මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එම සමාගම කල් ඉකුත් වූ පිරිසුදුකාරක සහ විෂබීජහරණ භාවිත කර ඇති බව ද එහිදි අනාවරණය වී තිබේ. අදාළ සමාගම අතින් අදාළ අත්වැරැද්ද සිදුව ඇත්තේ ඉකුත් වසරේ ජූලි හා අගෝස්තු මාසවලදී බව පැවසේ. අදාළ සමාගම පසුගිය වසරේ එම කාලයේදීම ගොවිපොළ සතුන්ට කල් ඉකුත් වූ එන්නත් ලබා දී ඇති බව චීන බලධාරීන් කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ගවයන්, එළුවන්, බැටළුවන් සහ ඌරන් මෙන්ම සුනඛයන් අතර ද මෙම බැක්ටීරියා ආසාදනය සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ඇතැම් අවස්ථාවලදී මනුෂ්‍යයන් අතර එම බැක්ටීරියා ආසාදනය දැකිය හැකි වුවත් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට මෙම බැක්ටීරියාව ආසාදනය වීම ඉතා දුර්ලභ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය ද ඒ බව තහවුරු කරන අතර ඇතැම් අවස්ථාවක මනුෂ්‍යයන්ට මෙම බැක්ටීරියා ආසාදනයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවත් එම මධ්‍යස්ථානය පෙන්වාදෙයි. කෙසේ නමුත් එය ඉතා දුර්ලභ යැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම බැක්ටීරියා ආසාදනය මුල් වරට පැතිර යෑමට පටන් ගෙන ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල ය.
චීන බලධාරීන් අදාළ සමාගමේ බලපත්‍ර අහෝසි කර ඇති අතර ලැන්ෂෝ සෞඛ්‍ය කොමිසම මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනිමින් සිටින බව චීන මාධ්‍ය වාර්තා කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සති කිහිපයක් නියමිත පිළිවෙළට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් මෙම බැක්ටීරියා ආසාදනය පාලනය කළ හැක.
ඒ.එෆ්.පී./රොයිටර්
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
චීනයෙන් තවත් වයිරසයක්