බීජිංහිදීය (රොයිටර්)
වසර ගණනකට පසු චීනය රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට තීරණය කර තිබේ. මේ අනුව එරට බැංකු හා රක්ෂණ නියාමන ආයතන ඒකාබද්ධ කිරීම, නව අමාත්‍යාංශ ස්ථාපිත කිරීම, මහ බැංකුව ආදී ප්‍රතිපත්ති හා තීරණ ගන්නා ආයතනවලට නව බලතල දීම , අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම යනාදි ප්‍රතිසංස්කරණ ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව පැවසේ.
චීනය මෙවැනි තීරණයක් ගත්තේ වසර ගණනකට පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව ප්‍රතිසංස්කරණමය තීරණ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ බලය හා ඔහුගේ දේශපාලන සහ ආර්ථික වැඩසටහන තවත් ශක්තිමත් කරන්නකි.
එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය තුළ තමා කේන්ද්‍රස්ථානය කරමින් පක්ෂ ප්‍රතිපත්තියත් තම දේශපාලන ආර්ථික වැඩසටහනත් පක්ෂයේ කේන්ද්‍රීය මතය බවට පත්කිරීමේ එක් පියවරක් යැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
චීන කොමියුනිස්ට් පක්ෂයේ කොංග්‍රසය පැවැත්වෙන්නේ වසර පහකට වරකි පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී පක්ෂයේ කොංග්‍රස් හමුව පැවැත්විණි අතර එහිදි චීනයේ ආර්ථිකය සහ පක්ෂය අවස්ථා කිහිපයකදීම එකිනෙකට සම්බන්ධ හා මැදිහත් විණි.
එය පෙර දක්නට තිබුණාට වඩා වැඩි මැදිහත් වීමකි ෂී ජනාධිපතිවරයා පක්ෂය තුළ මෙන්ම ජනාධිපතිවරයා ලෙස බලය තහවුරු කරගැනීම ප්‍රතිසංස්කරණ කිරීම සඳහා ලැබුණු සහයකි.
ඉහළ අවදානමක් සහිත ණය දීමේ ක්‍රමවේදවලට එරෙහිව පියවර ගැනීමේ අරමුණින් සහ ඉහළ සමාගම් ණය මට්ටම් පහත දැමීමේ අරමුණින් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 42ක වටිනාකමකින් සමන්විත බැංකු හා රක්ෂණ ක්ෂේත්‍ර මෙලෙස දැඩි කිරීමට චීනයට පියවර ගෙන තිබේ.
“පක්ෂය සහ රාජ්‍ය ආයතනවල සිදු කරන ලද ප්‍රතිසංස්කරණ පක්ෂයේ දීර්ඝකාලීන පාලනය ශක්තිමත් කිරීම සඳහා අත්‍යාවශය” දෙයක් යැයි ෂී ජනාධිපතිවරයාගේ ඉහළ පෙළේ ආර්ථික උපදේශක සහ මෙන්ම විශ්වාසවන්තයක වන ලියු හී චීනයේ ‘පීපල්ස් ඩෙයිලි’ පුවත්පතට ලිපියක් ලියමින් සඳහන් කළේය.
නව අමාත්‍යාංශ, ඒකාබද්ධ කරන ලද අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන, නව නියාමන ආයතන, ඒවාට පත් කරන ලද ප්‍රධානීන් කවුරුන්ද යන වග සහ නව ප්‍රතිසංස්කරණ යනාදිය චීන පාර්ලිමේන්තුවේ වාර්ෂික සැසිවාරය අවසන් වීමට නියමිත මාර්තු 20 වැනි දිනට පෙර නිවේදනය කිරීමට නියමිතය.
055
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චීනය රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට සැරසෙයි
hira Wednesday, 14 March 2018 05:12 AM
මෙන්න ජනාධිපතිවරු. රටවැසියාට බොක්කෙන්ම ආඩම්බර වෙන්න පුළුවන්...