IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


චීනය මැදිහත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව කියයි

උතුරු කොරියාව ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රහාරයක් එල්ල කළහොත් චීනය මැදිහත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු යැයි චීනයේ රාජ්‍ය අනුග්‍රහය ලබන පුවත්පතක් වන ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත් වාර්තා කරයි. 
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ශාන්තිකර කලාපයේ පිහිටි උපායමාර්ගික දූපතක් වන ‘ගුවාම්’ වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බව උතුරු කොරියාව ප්‍රකාශ කිරීමත් සමඟ ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත මේ බව වාර්තා කර තිබේ. 
ගුවාම් දූපතට ප්‍රහාර එල්ල කරන බවත් පැවැසීමත් සමඟ උතුරු කොරියාවට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසීය. 
චීනය යනු උතුරු කොරියාවේ සමීපතම සහ වැදගත්ම මිත්‍ර රටය. උතුරු කොරියානු අර්බුදයේදී දැනටත් මැදිහත් පිළිවෙතක් අනුගමනය කරයි. උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් කිරීම් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන අතරවාරයේදීම ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ සහ දකුණු කොරියාවේ හැසිරීම ද චීනයේ විවේචනයට සහ කනස්සල්ලට හේතු වී තිබේ. 
“උතුරු කොරියාව මුලින් ප්‍රහාර එල්ල කළහොත් සහ ඇමෙරිකාව ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් චීනය මැදිහත් පිළිවෙතක් අනුගමනය කළ යුතු” යැයි ‘ග්ලෝබල් ටයිම්ස්’ කතුවැකිය ඔස්සේ සඳහන් කර තිබේ. ග්ලෝබල් ටයිම්ස් යනු රාජ්‍ය චීන රජයේ අනුග්‍රහය සහිත පුවත්පතක් වුවද රජයේ ප්‍රතිපත්ති නියෝජනය නොකරයි. 
උතුරු කොරියානු රෙජීමය පෙරළා දමා කොරියානු අර්ධද්වීපයේ දේශපාලන සැලැස්ම වෙනස් කිරීමට දකුණු කොරියාව සහ ඇමෙරිකාව උත්සාහ කළහොත් චීනය ඔවුන් එසේ කිරීම නවතා දැමීමට චීනය මැදිහත් විය යුතු බව ද ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය තවදුරටත් සඳහන් කර තිබේ. 
 
රොයිටර් 055



අදහස් (0)

චීනය මැදිහත් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව කියයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 91 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 201 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 144 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1480 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 438 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 772 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site