IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


චීන ජනපති උතුරු කොරියාවේ සංචාරයක

ඓතිහාසික සංචාරයක් ආරම්භ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අද (20) උතුරු කොරියාවට පැමිණියේය. 

උතුරු කොරියාවේ එකම මිත්‍ර රට වන්නේ චීනයයි. චීනය සහ උතුරු කොරියාව අතර පසුගිය කාලයේදී යම් යම් මතභේදාත්මක සිදුවීම් ඇතිවිය. ගෙවී ගිය කාලයේදී චීනය සහ උතුරු කොරියාව අතර පවතින මිතුරු සම්බන්ධයේ ඇති වූ ආරවුල් නිරාකරණය කරගනිමින් දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කරගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති. 

වසර 14කට පසු උතුරු කොරියාවේ සංචාරයක නිරත වන පළමු චීන ජනාධිපතිවරයා වන්නේ ද ෂී ජින්පින්ග් මහතාය. 

සීත යුද සමයේදී මිත්‍ර පාර්ශව වූ චීනය සහ උතුරු කොරියාව අතර සබඳතා පසුගිය සමයේදී පළුදු විය. උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික සහ මිසයිල අත්දහා බැලීම් ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පැන වූ අතර චීනය ද ඊට සහාය දැක්වීය. 

චීන ජනාධිපතිවරයා මෙලෙස උතුරු කොරියාවේ සංචාරයක නිරත වන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවීමට සතියක් තිබියදීය. ලබන සතියේදී ජී20 රටවල හමුව පැවැත්වීමට නියමිත අතර ඇමෙරිකානු සහ චීන ජනාධිපතිවරුන් එහිදි හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව පැවසේ. 

උතුරු කොරියානු නායකයා අවස්ථා දෙකකදී ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. උතුරු කොරියාව ද ඇතුළුව කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම එම සාකච්ඡාවල අරමුණ වුවද මෙතෙක් එම සාකච්ඡාවලින් ප්‍රගතියක් ඇති වී නැතැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

උතුරු කොරියාවේ තරුණ නායක කිම් ජොන් උන්ග් මහතා පසුගිය වසරේදී අවස්ථා හතකරදී චීනයට සංචාරය කරමින් චීන ජනාධිපතිවරයා මුණ ගැසුණි. ඉන් අනතුරුව උතුරු කොරියාවට පනවා තිබෙන සම්බාධක ලිහිල් කරන්නැයි චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීම් කර තිබිණි. 

චීන ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයා මුණ ගැසීමට කලක් බලා සිටි බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ නායක කිම් අතර න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා ඊට ප්‍රධාන වශයෙන් හේතු වූ බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. 

චීන ජනාධිපතිවරයා දින දෙකක් උතුරු කොරියාවේ රැඳී සිටීමට නියමිතය. චීන ජනාධිපතිවරයා සංචාරය වෙනුවෙන් උතුරු කොරියාවේ ප්යොන්ග්යැන්ග් නුවර චීන ජාතික ධජවලින් සරසා තිබූ බවත් එරට වැසියන් චීන ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා වීදිවල පෙළ ගැසී සිටි බවත් වාර්තා විය. 

චීන ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරයට ඔහුගේ බිරිඳ පෙන්ග් ලියුවාන් මහත්මිය, විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සහ තවත නියෝජිත පිරිසක් එක්ව සිටිති. 
 

 ඒ.එෆ්.පී. ඇසුරිනි
 
 055

(උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ග් පසුගිය වසරේ චීනයේ සංචාරය කළ අවස්ථාවේදී ගත් ඡායාරූපයකි) 



අදහස් (0)

චීන ජනපති උතුරු කොරියාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 98 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 79 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 66 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 21 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 287 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 131 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site