නවදිල්ලිහිදීය (රොයිටර්)
ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ඉදිරියට පැමිණ තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන ප්‍රාන්තය වනුයේ ද ගුජරාට් ප්‍රාන්තයයි. මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිළුල වලින් ඉදිරියට පැමිණීමට භාරතීය ජනතා පක්ෂය සමත් වුවද එය පෙර වසර හා සැසඳීමේදී තරමක පසුබැසීමක් යැයි වාර්තා වේ.
භාරතීය ජනතා පක්ෂය හා විපක්ෂය දිනාගනු ඇතැයි අපේක්ෂිත ආසන ප්‍රමාණය අතර ඇති පරතරය අඩු වීම විපක්ෂය ලැබූ යම් ජයග්‍රහණයක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.
ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයට කොංග්රස් පක්ෂයේ ප්රමුඛත්වයෙන් සන්ධානයක් ඉදිරිපත් වූ අතර මෝදිගේ බලය දුර්වල කිරීම එහි ප්‍රධාන අරමුණ වී තිබිණි. ඉන්දියා ටුඬේ, සී.එන්.එන් සහ ටයිම්ස්නව් යන පුවත්සේවා කරන ලද සමීක්ෂණ වාර්තාවලට අනුව ගුජරාට් ප්‍රාන්තයේ ආසන 182න් 100ක බලය හිමි කරගැනීමට නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය සමත්වනු ඇතැයි වාර්තා වී තිබිණි.
ප්‍රාන්ත ආණ්ඩුවේ බලය හිමි කරගැනීමට නම් ආසන 182න් 92ක බලය හිමි කරගත යුතුය. මෙවර කොංග්රස් පක්ෂයේ නායකත්වය රාහුල් ගාන්ධි විසින් හොබවනු ලබයි.
පසුගිය සතියේදී රාහුල් ගාන්ධි කොංග්රස් පක්ෂයේ නිල නායකයා වශයෙන් පත්වූ අතර මෙවර ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයේදී කොංග්රස් පක්ෂය ආසන 70කට වැඩි ප්‍රමාණයක් දිනාගනු ඇතැයි පැවසේ. එය කොංග්රස් පක්ෂය පෙරට වඩා ඉදිරියට පැමිණීමක් යැයි ද දේශපාලන විචාරකයෝ තවදුරටත් පෙන්වාදෙති.
(055)
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයේ භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන්