ගිනි අවිවලින් සිදුවන අනතුරු හේතුවෙන් වසරකදී ඇමරිකානු දරුවන් 1300ක් පමණ මියයන බවත් දරුවන් 5 800ක් පමණ තුවාල ලබන බවත් ඇමරිකානු රාජ්‍ය ආයතනයක් කළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.
මෙම මරණ වලින් අඩකට වැඩි ප්‍රමාණයක් මනුෂ්‍ය ඝාතන බවත් 38%ක් පමණ සියදිවි හානි කරගැනීම් බවත් 6% ක් පමණ අහඹු ලෙස සිදුවූ මරණ බවත් වාර්තා වේ.
මරණයට පත් වූවන්ගෙන් 82%ක් පිරිමි දරුවන් වන බවයි. කළු පැහැති සමකට උරුමකම් කියන දරුවන් මෙලෙස මරණයට පත්වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බවත් එම සංඛ්‍යාව අනෙක් දරුවන්ට වඩා දසගුණයකින් පමණ වැඩි බවත් පැවසේ.
මේ අනුව එක් දිනකදී දරුවන් 19 දෙනෙකු පමණ ගිනි අවි ආශ්රිත අනතුරු හේතුවෙන් මියයෑම හෝ තුවාල ලැබීම සිදුවන ඉන් පෙන්වා දෙයි.
වෙනත් සංවර්ධිත රටවලට සාපේක්ෂව ඇමරිකාවේ ගිනි අවිවලින් මියයන දරුවන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා බවද පර්යේෂකයන් අවධාරණය කර ඇත.
(බී බී සී පුවත් ඇසුරිණි - 085)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගිනි අවි නිසා වසරකට ඇමෙරිකාවේ දරුවන් 1300ක් මරු තුරුලට