ගිනි අවි ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අමෙරිකානු ආර්ථීකයට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 229 ක් අහිමි වන බව නවතම වාර්තාවකින් පෙන්වා දී තිබේ.
එය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.4 %ක ප්‍රමාණයකි.
ගිනි අවි මඟින් ඇතිවන ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා වන ගිෆෝර්ඩ්ස් නීති මධ්‍යස්ථානයේ සහ ආබාධ පාලන මධ්‍යස්ථානවල දත්ත මෙම වාර්තාව සඳහා උපයෝගී කර ගෙන ඇත.
ගිනි අවි ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා අමෙරිකාවේ සුවිශේෂී සමාජ ගැටලුවක් බව වාර්තාව නිකුත් කළ ඒකාබද්ධ ආර්ථීක කමිටුවේ සභාපති කැරොලින් මැලෝනි මහත්මිය පැවසුවාය.
අමෙරිකාවේ පුද්ගලයින් ලක්ෂයකට ගිනි අවි ආශ්‍රිත මරණ 3.9 ක් වාර්තා වන බව ඇය පෙන්වා දුන්නාය. වෙනත් කාර්මික රටවල මෙම අගය මරණ එකකට වඩා අඩුය.
-226-
(නිව්යෝක් පෝස්ට් ඇසුරෙනි)
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගිනි අවි ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අමෙරිකාවට බිලියන 229 ක පාඩුවක්
රවින් Friday, 20 September 2019 05:08 AM
ආයුධ නිසා ඇමරිකානු ආර්ථිකයට කීයක් එකතුවෙනවාද කියලත් පළ කලානම් තමා වඩාත් සුදුසු. ලෝකයේ රට රටවල අවුල් සහගත තත්වයන් හා ඇමරිකානු ආයුධ විකිණීම ගැන ප්‍රස්ථාරයක් එක්ක සංසන්දනය කළානම් වඩාත් පැහැදිලි අවබෝධයක් ලෝකයාට ලබාදිය හැකිවනු ඇත.
rim Saturday, 21 September 2019 08:41 AM
එතකොට ඔහෙලා ලෝකයේ අනිත් රටවල් වලට දෙන ආයුධ ගැන කතාකරන්නේ නැද්ද? තමන්ට දෙයක් වෙනකොට තමයි දැනෙන්නේ...