සිය දියණියගේ විවාහ මංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ චෝදනාවට වරදකාරිය වී සිරදඬුවම් ලබන නලිනි ශ්‍රීහරන් අද (25) බන්ධනාගාරයෙන් නික්ම ගියාය.
දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතුවලට සහභාගී වීම සඳහා අවසර දෙන්නැයි කරන ලද ඉල්ලීමක් සලකා බලමින් චෙන්නායි මහ අධිකරණය මේ මස මුලදී නලිනිට දින 30ක සමා කාලයක් ලබා දුන්නේය.
නලිනි අද බන්ධනාගාරයෙන් නික්ම ගියේ ඒ අනුවය. ඉන්දියාවේ, දීර්ඝතම කාලයක් සිරදඬුවම් විඳින සිරකාරිනිය වන්නේ ද නලිනිය.
මරාගෙන මැරෙන බෝම්බකාරිනියක එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි 1991 දී මරුමුවට පත්වූ අතර බෝම්බ ප්‍රහාරය සැලසුම් කිරීම, අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම යන චෝදනාවලට නලිනි ඇතුළු පිරිසක් වරදකරුවෝ වූහ. ඒ අනුව සිරදඬුවම් විඳින නලිනිගේ සිරදඬුවම් කාලය මේ වනවිට දශක තුනකට ආසන්න වේ.
ඉන්දීය ජාතිකයකු වන නලිනි බෝම්බ ප්‍රහාරයෙන් පසුව අත්අඩංගුවට ගැනුණු අතර ඇයට අමතරව ඇයගේ සැමියා ඇතුළු තවත් 25 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද්දේ වයස අවුරුදු 20ක් නොපිරුණු තෙන්මෝෂී රාජරත්නම් නමැති බාල වයස්කාර තරුණියකි.
රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් සියලු දෙනාට මරණ දඬුවම නියම වුව ද සෝනියා ගාන්ධි 2000 වසරේ කරන ලද අභියාචනයකට අනුව නලිනිගේ මරණ දඬුවම ජීවත කාලය දක්වා සිරදඬුවමක් ලෙසට ලිහිල් කරන ලදි. කෙසේ නමුත් රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වූ තිදෙනෙක් තවමත් මරණ දඬුවම ලැබීමට නියමිතව සිටිති.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී නලිනි ගැබිණියක වූ අතර ඇය සිරමැදිරිය තුළදී සිය දියණියට උපත දුන්නාය. ඇගේ දියණිය එක්සත් රාජධානියේ පුරවැසියකු මෙන්ම වෛද්‍යවරියක් ද වන්නීය.
නලිනි දින 30ක් සඳහා නිදහස් කෙරුණේ වෙල්ලෝර් මධ්‍යම අධිකරණයෙනි. ඇයට මාධ්‍යට අදහස් දැක්වීම හෝ දේශපාලනයඥයන්ට කතා කිරීම තහනම් කිරීමට අධිකරණය පියවර ගත්තේය.
මීට පෙර අවස්ථාවකදීද සිය පියාගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා නලිනිට කෙටි සමා කාලයක් ලබාදෙන ලදි.
රජිව් ගාන්ධි 1984 සිට 1989 සිට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. ඔහු 1991 වසරේදී ඝාතනයට ලක්වූයේ මධ්‍යවාර මහ මැතිවරණ වෙනුවෙන් පැවැති ප්‍රචාරණ රැලියකට සහභාගී වී සිටියදීය. ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදා යැවීමට ඔහු ගත් තීරණය එලෙස ඔහු ඝාතනයට ලක්වීමට ප්‍රධාන වශයෙන් හේතුවිය. එල්.ටී.ටී.ඊ. සංවිධානය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කළ බව පසුව අනාවරණය විය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගාන්ධිගේ ඝාතනයට සිරදඬුවම් විඳින නලිනිට මාසයක නිවාඩුවක්
Oscar Monday, 16 September 2019 04:28 AM
නියම වැඩේ නේද ? බලන් ඉන්න අදින් පස්සේ මේක දැකලා අපේ බන්ධනාගාරවල ඉන්න ඉහල පෙළේ අපරාධකරුවන් ගෙදර ගිහින් එන්න නිවාඩු ඉල්ලන්න පටන් ගනීවි. නැවත නොඑන නිවාඩුවක් වෙන්න පුළුවන්. ළඟදීම බලාපොරොත්තුවන්න.