IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගබ්සාව නවසීලන්තයේ අපරාධ නීතියෙන් ඉවතට

ගබ්සාව අපරාධයක් ලෙස හඳුන්වා දී තිබූ නීතිය ඉවත් කරමින් ගබ්සාව අපරාධමය වරදක් ලෙස නොසැලකෙන නීතියක් නවසීලන්තය සම්මත කරයි.

ගබ්සාව සෞඛ්‍යය හා සම්බන්ධ කාරණයක් ලෙස පමණක් සලකන බවත් එය තවදුරටත් අපරාධයක් ලෙස නොසලකන බවත් එරට අධිකරණ අමාත්‍ය ඇන්ඩෘ ලිට්ල් මහතා පැවසීය.

ඒ අනුව ගැබ් ගැනීමකින් පසු සති 20 ක කාලයක් තුළ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත කාන්තාවන්ට ගබ්සාව සඳහා යොමු විය හැකිය.

එසේම ගබ්සාවලට යොමුවන කාන්තාවන් සඳහා උප‍දේශන ලබාදීම ද නව නීතිය අනුව ප්‍රවර්ධනය කර තිබේ.

මීට පෙර පැවති නීතිය අනුව ගර්භණී කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වයට බරපතළ අනතුරක් පවතින අවස්ථාවක පමණක් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිර්දේශය මත ගබ්සාවකට යොමු විය හැකිය. ගබ්සාව සම්බන්ධයෙන් පවතින නීති සංශෝදනය කරන ලෙස දශක ගණනාවක් පුරා විවිධ පාර්ශ්ව වලින් ඉල්ලීම් ඉදිරිපත් වුණි.

මෙම නව නීති සංශෝධනය නවසීලන්ත ඉතිහාසයේ තීරණාත්මක මං සලකුණක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
 
 -226- (බීබීසී / ද ගාඩියන් ඇසුරෙනි)



අදහස් (7)

ගබ්සාව නවසීලන්තයේ අපරාධ නීතියෙන් ඉවතට

Kumar (Gulf) Saturday, 21 March 2020 03:51 PM

නවසීලන්තයට තව බලවත් භුමි කම්ම්පා පිට පිටම ඒවි. මිනීමරන්න ලයිසන් දුන්නාට.

:       338       1370

banda Sunday, 22 March 2020 11:01 AM

මේක ලංකාවටත් අවශ්‍ය නීතියක් ... නීති විරෝධීව කරන එක අනතුරුදායකයි..

:       663       290

225 Tuesday, 24 March 2020 10:40 AM

දරුවන් ලැබෙන්නේ නැති අය කීදෙනෙක් ලෝකේ ඉන්නවද? හදිසි දරුගැබ් ළමයා අනවශ්‍ය නම් දරුකමට හදා ගැනීමට දීමේ ක්‍රමවේදයක් හැදුවා නම් මේ මිනීමැරුම නීතිගත කිරීම නොකරන්න තිබ්බා.

:       40       156

Devinda De Silva Wednesday, 01 April 2020 11:31 AM

නීතිගත කල යුතුය්, නැතහොත් කාන්තාවන් විකල්පයන්ට යොමුවී වඳ බාවයට හෝ ජීවිත අවදානමට පත්වේ. සහ මේ සඳහා ඔවුන් එම කාර්යය සඳහා නුසුදුසු පුද්ගලයන්ගේ අධීක්ෂණයට පත්වේ. මෙහිදී අගතියට පත්වන අයවලුන් නීතියටද ඉදිරිපත් නොවේ.

:       40       63

අචලා Tuesday, 07 April 2020 08:57 PM

ගබ්සාව කියන්නේ වැරදි දෙයක් නෙවෙයි ගර්බනීභව නිසා කාන්තාවට හානියක් වෙනවා නම් හෝ, ගැබ් ගැනීම ස්ත්‍රී දූෂණයක් නිසා උනා නම්, හෝ ළමයා දැඩි ලෙස අංග විකල හෝ රෝගාතුර නම්. නමුත් බටහිර රටවල දැනට තියෙන්නේ කිසිම හේතුවක් නැතුව, කාන්තාවගේ ස්ව කැමැත්තට ළමයාව විනාශ කිරිමේ උවමනාවක්. මේක මේ කාන්තා සංවිධානවල ඇජෙන්ඩා එකට අනුව වෙන දෙයක් මිසක්, කර යුතු දෙයක් නෙවෙයි. කාන්තා සංවිධාන කියන්නේ කාන්තාවට තමන්ගේ ශරීරය ගැන ඕනම තීරණයක් ගන්න පුලුවන් කියලයි, එම මතය ප්‍රමෝට් කරන්න තමයි ගබ්සාව කියන දේ නීතීගත කරන්න මේ ගොල්ලෝ දගලන්නේ. මේක දරුණු තත්වයක්. මිනිමැරීම කාන්තා අයිතින් වලට මුවා වෙලා කරන එක පිළිකුල් සහගතයි..

:       18       57

roshan Thursday, 09 April 2020 07:08 AM

කොමෙන්ට් කරන කට්ටියගෙන් බාගයක් ගැහැණු වෙලා හයවෙනි පාරට ගැබ් ගත්තම බලන්න තිබුනා.???

:       0       2

නිශාන් පින්තු Sunday, 19 April 2020 02:53 AM

මෙවැනි ක්‍රියාවන් පාපිෂ්ඨය සැළසුමි සහාගත අපරාදයන්ය සදාචාරයට පටහැනිය මෙවැනි ක්‍රියා වලට දඩුවමි දිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 118 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 80 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 85 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 35 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 854 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 126 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1545 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site