කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම මත පාසල් තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ලොව පුරා සිසුහු මිලියන 300 කට අධික සංඛ්‍යාවක් නිවෙස්වල රැඳී සිටිති.
පවතින තත්ත්වය හමුවේ චීනය, ඉතාලිය, අමෙරිකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 22 ක පාසල් තාවකාලිකව වසා ඇත.
විභාග පැවැත්වීම ඇතුළු ඔවුන්ගේ සියලු අධ්‍යයන කටයුතු මේ හේතුවෙන් ඇණහිට තිබේ.
ඉතාලිය තුළ වෛරසය පැතිර යාම් හේතුවෙන් තාවකාලිකව වසා තැබෙන පාසල් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීමට සිදුවනු ඇතැයි එරට බලධාරීහු පැවසූහ.
එරට සියලු පාසල් සහ විශ්වවිද්‍යාල මාර්තු 15 වැනිදා දක්වා තාවකාලිකව වසා දමා ඇත.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, වොෂිංටන් හා නිව්යොක් ආදී ප්‍රදේශවල ද පාසල් වසා දමා තිබේ.
-226-
(ඉකනොමික් ටයිම්ස්)
උතුරු කොරියාව කෙටි දුර බලැස්ටික් මිසයිල කීපයක් දකුණු කොරියාව දෙසට එල්ල කළේය. මිසයිල ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වූයේ නැත.
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් 19 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානය බලා යෑමට නියමිතය. ඒ, නිල සංචාරයක් සඳහාය. මෝදි භූතානය බලා යනු ඇත්තේ, භූතාන රජුගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ ජීවත් වන පලස්තීන දරුවන් 13,000 ක් මියගොස් ඇති බවත්, මේ වනවිට ත
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ධවල මන්දිරය ආසන්නයේ වෙඩි තැබීමක් සිදුවිය. එයින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි.
අයිස්ලන්තයේ ගිනි කන්දක් සක්‍රිය වී පුපුරා යෑමට පටන් ගෙන ඇති බැවින්, අයිස්ලන්තයේ දකුණු දිග ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනා හේතුවෙන් පාසල් සිසුන් මිලියන 300 කගේ අධ්‍යාපනය ඇණහිටී