IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කොරෝනා වයිරසයෙන් ලොව පුරා සෞඛ්‍ය සේවකයෝ 7,000ක් මියයති

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ලොව පුරා සෞඛ්‍ය සේවකයන් 7,000කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි.

ඉන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ මෙක්සිකෝවෙන් වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 1,300 කට වැඩි යැයි ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියයි.

‘‘ආරක්ෂිතව රැකියාව කිරීම සෑම සෞඛ්‍ය සේවකයකුටම ඇති අයිතියක්. මේක එක්තරා ආකාරයක නින්දාවක්, ගර්හාවක්. බොහෝදෙනකුට ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙලා’’ යැයි බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ක්ෂමා සංවිධානයේ ආර්ථික සහ සමාජ සාධාරණත්වය සඳහා වන අංශයේ ප්‍රධානී ස්ටීව් කොක්බර්න් පැවැසීය.

‘‘වසංගතය පැතිරෙන්න පටන් අරගෙන දැන් මාස ගණනක්. එහෙත් තවත් වයිරසය ආසාදනය වීමෙන් තවමත් සෞඛ්‍ය සේවකයන් මරණයට පත්වෙනවා. මෙක්සිකෝව, බ්‍රසීලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල සෞඛ්‍ය සේවකයන් මරණයට පත්වන අනුපාතය ඉතා ඉහළයි. ඒ වගේම ඉන්දියාවෙන් සහ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන මරණ ගණන ඉතා වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා අපි කඩිනම් පියවර ගත යුතුව තිබෙනවා’’ යැයි හෙතෙම කීවේය.

‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය හේතුවෙන් මෙක්සිකෝවේ සෞඛ්‍ය සේවකයන් 1,320 දෙනකු මරණයට පත්ව ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි. නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවකයන් 1,077 දෙනකු, එක්සත් රාජධානියේ 649 දෙනකු, බ්‍රසීලයේ 634 දෙනකු, රුසියාවේ 631 දෙනකු සහ ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයන් 573 දෙනකු මියගොස් ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.

ඇතැම් රටවලින් වාර්තා වන ගණන් නිල වශයෙන් සටහන් වී නැති බවත් එබැවින් නිවැරැදි සංඛ්‍යා මීටත් වඩා වැඩි බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.

කොරෝනා වයිරස ආසාදිත මරණ වාර්තා වීමේ ඉහළ අනුපාතයක් ඇති රටක් වන මෙක්සිකෝව වයිරසය ආසාදනය වී මිය යන සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් නිසි පරිදි වාර්තා තබාගෙන ඇති නමුත් දැනට වාර්තා වී ඇති ගණනෙන් සමස්ත චිත්‍රයක් පෙන්නුම් නොකරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි.

මෙක්සිකෝවේ සෞඛ්‍ය සේවකයන් 97,632 දෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. එරට වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 610,000 ඉක්මවයි.

රෝහල්වල පිරිසුදු කරන්නන් වයිරසය ආසාදනය වීමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි ද රෝහල්වල පිරිසුදු කිරීමේ කටයුතු බාහිර පාර්ශවවලට පැවැරීම සේවකයන් තවදුරටත් අනතුරේ හෙළීමක් යැයි ද ක්ෂමා සංවිධානය සඳහන් කරයි.

මෙක්සිකෝවේ සෞඛ්‍ය පද්ධතිය දශක ගණනාවක් මුළුල්ලේ සිට නොසලකා හැරුණු බවත් එහෙත් ඉදිරියේදී රටේ සෞඛ්‍ය පද්ධතියේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා පියවර ගනිමින් සිටින බවත් එරට වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කරයි.

මෙක්සිකෝවේ ජනගහනය මිලියන 128.8කි. එරටින් මේ වනවිට වාර්තා කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 65,000 පසු කර ගොස් ඇත.

‘‘වසංගතය පුරා ලොව රටවල්, පාලකයන් සහ ආණ්ඩු සෞඛ්‍ය සේවකයන් වීරයන් යැයි උත්කර්ෂයට නැංවූවා. එහෙත් සැබෑ තත්ත්වය සෞඛ්‍ය සේවකයන්ට මූලික සෞඛ්‍යාරක්ෂිත උපකරණ ටිකවත් නැහැ. පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ නැතුව සෞඛ්‍ය සේවකයන් මැරෙනවා’’ යැයි කොක්බර්න් පැවැසීය.


(ඒ.එෆ්.පී.) 
055



අදහස් (0)

කොරෝනා වයිරසයෙන් ලොව පුරා සෞඛ්‍ය සේවකයෝ 7,000ක් මියයති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 99 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 366 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 3896 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 359 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2537 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 73 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 272 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site