කොවිඩ්-19 රෝගයේ මූලාරම්භය පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වතුන් කණ්ඩයමක් චීනයේ වුහාන් නගරය වෙත ගොස් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය හා චින රජය අතර මාස ගනනක සාකච්ඡා වලින් පසු මෙම පරීක්ෂණය සඳහා චීනය ඒකඟ විය.
විද්‍යාඥයින් 10 දෙනකු චීනය වෙත ගොස් සිටින අතර පර්යේෂණ ආයතන, රෝහල් සහ මුහුදු ආහාර වෙළඳපොලේ පුද්ගලයන් සමග සාකච්ඡා කිරීමට සැලසුම්කර ඇති බව ඔවුහු පවසති. කෙසේවුවද චීන බලධාරීන් විසින් සපයන සාම්පල සහ සාක්ෂි මත පර්යේෂණය රඳා පවතින බව පැවසේ.
පර්යේෂණ ආරම්භ කිරීමට පෙර ඔවුන් සති දෙකක් නිරෝධායනය විය යුතුව ඇත.
පර්යේෂණ කණ්ඩායමේ නායක පීටර් බෙන් ඒම්බරෙක් සංචාරයට පෙරාතුව ඒ්ඒෆ්පී ප්‍රවෘත්ති ඒ්ජන්සියට පවසා ඇත්තේ,
“මෙම මූලික මෙහෙයුමේදී අපට පැහැදිලි සාක්ෂි ලැබෙනු ඇතැයි මම නොසිතමි. නමුත් අපගේ කාර්යය දිගටම කරගෙන යන්නෙමු. සිදුවූයේ කුමක්ද යන්න ගැන පූර්ණ අවබෝධයක් ලබාගැනීම මෙහි අරමුණයි.” යනුවෙනි.
වුහාන් යනු පළමු වරට කොරෝනා පොකුර හඳුනාගත් ස්ථානය වුවද වෛරසය ඇතිවූ ස්ථානය නොවන බවට චීනය දිගින් දිගටම කියා සිටියේය.
(බීබීසී ඇසුරිණි)
085
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොරෝනා ගැන සොයන්න පර්යේෂණ කණ්ඩායම චීනයට යයි