නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි එන්නතක් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පරස්පර මත ඉදිරිපත් වෙමින් තිබේ.
ඉදිරි සති කිහිපය තුළ දී නව කොරෝනා වයිරසය මර්දනය කළ හැකි එන්නතක් ලබාදිය හැකි යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කළේය. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රධානී රොබට් රෙඩ්ෆීල්ඩ් ඊට පරස්පර මතයක් ඉදිරිපත් කර ඇත.
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරස වසංගතයට එන්නතක් සෙවීම ගෝලීය ප්‍රමුඛතාව බවට පත්ව තිබේ. ඒ අතරවාරයේම ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට තවත් ඇත්තේ සති කිහිපයක් පමණි. මේ තත්ත්වය හේතුවෙන් කොරෝනා එන්නත පිළිබඳ කතාබහ ඇමෙරිකාව තුළ ප්‍රධාන මාතෘකාවක් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වන කතාබහ උණුසුම් වී තිබේ.
ලබන මස මුලදී ඇමෙරිකාවේ සියලු දෙනාට කොරෝනා එන්නත ලබාගැනීමට හැකිවනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා පැවැසීය. කෙසේ නමුත් ඉහත සඳහන් කළ පරිදි වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් ඊට වෙනස් අදහසක් ඉදිරිපත් කර තිබේ.
“අපිට ඔක්තෝබර් වෙද්දි එන්නත ලබාදෙන්න පුළුවන් වේවි” යැයි ට්‍රම්ප් කීය. එසේ වුවත් එන්නත ලබාදීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇතැයි වෛද්‍ය රෙඩ්ෆීල්ඩ් කීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුව වන කොංග්‍රසයේ කමිටුවක් ඉදිරියේ සාක්ෂි දෙමින් ඔහු ඒ බව කීවේය.
ලබන වසරේ මැද භාගය වනතෙක් එන්නතක් ලබාදීමට නොහැකි බව ඔහු කීවේය .
රොයිටර්/ඒ.එෆ්.පී.
055
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනා එන්නත ගැන ඇමෙරිකාවේ පරස්පර අදහස්