වොෂින්ටන්හිදීය (රොයිටර්)
උතුරු කොරියාව ‘කොරියානු යුද්ධයේදී’ අතුරුදන් වූ පුද්ගලයන් ද ඇතුළුව ඇමෙරිකා එක්සත් ජනපද සොල්දාදුවන්ගේ භස්මාවශේෂ ඇමෙරිකා එක්සත් ජනපදයට ලබාදීමේ ක්‍රියාවලිය ඉදිරි දින කිහිපයේදී ආරම්භ කරනු ඇතැයි ඇමෙරිකා නිලධාරිහු පවසති.
දකුණු කොරියාවේ ස්ථාපිත කර තිබෙන එක්සත් ජාතීන්ගේ අණදෙන මූලස්ථානයට අදාළ භස්මාවශේෂ ලබාදීමට නියමිත බවත් ඉන් අනතුරුව ඒවා හවායි හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හිකම් ගුවන් හමුදා කඳවුරට බාරදීමට නියමිත යැයි ද තම අනන්‍යාතව හෙළි නොකළ එම නිලධාරිහු කීහ.
සැලකිය භස්මාවශේෂ ප්‍රමාණයක් ඇමෙරිකාව වෙත බාරදීමට නියමිත බව එක් නිලධාරියෙක් කීය. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සම්බන්ධයෙන් නිශ්චිතව කිසිවක් කීමට නොහැකි බැවින් නිශ්චිත සංඛ්‍යාවක් ප්‍රකාශ කළ නොහැකි බව ද හෙතෙම කීය.
ලැබීමට නියමිත අදාළ භස්මාවශේෂ නිසි පරිදි හඳුනාගැනීම සඳහා මාස ගණනක් ඇතැම් විටෙක අවුරුදු ගණනක් ගතවනු ඇතැයි එම නිලධාරීහු කීහ.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය 12 වැනිදා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ නායක කිම් ජොන් උන් අතර සිංගප්පූරුවේ පැවැති ඓතිහාසික හමුවෙන් පසුය.
ඇමෙරිකා සොල්දාදුවන්ගේ භස්මාවශේෂ ඇමෙරිකාවට බාරදීමට උතුරු කොරියා නායකයා එකඟත්වය පළ කළ බව එම හමුවෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපති ට්‍රම්ප් පැවැසීය.
“ඔවුන්ගේ පවුල්වලට ඔවුන්ගේ තාත්තලගේ, අම්මලගේ ඒ වගේම ඒ හැමෝටම ඉතිරිය දැක බලාගන්න ඕනේ. ඒ බිහිසුණු යුද්ධයට බොහෝ පිරිසක් ගොදුරු වුණා. මියගිය අයගේ භස්මාවශේෂ ලැබෙන තෙක් ඔවුන්ගේ පවුල් තවමත් බලා සිටිනවා. උතුරු කොරියා නායක කිම් ඉතා ඉක්මනින් එම භස්මාවශේෂ ලබාදෙන එකඟවුණා. එය ඉතාමත් හොඳ දෙයක්. උතුරු කොරියානු නායකය ඒ කරුණ තේරුම්ගෙන තිබෙනවා” යැයි ට්‍රම්ප් එහිදි කීය.
ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ දත්තවලට අනුව 1950 සිට 1953 දක්වා පැවැති කොරියානු යුද්ධයේදී මියගිය ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන් 7,700කට ආසන්න පිරිසකගේ භෂ්මාවශේෂ උතුරු කොරියාව සතුව තිබේ.
උතුරු කොරියානු නිලධාරීන් උපුටා දක්වමින් ඔවුන් සතුව 200කට ආසන්න පිරිසකගේ භස්මාවශේෂ තිබෙන බව පෙන්ටගනය මීට පෙර අවස්ථාවකදී නිවේදනය කළේය. කොරියානු යුද්ධයේදී ඇමෙරිකා ආරක්ෂක අංශ සාමාජිකයන් 36,500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
055
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොරියානු යුද්ධයේදී මියගිය සෙබළුන්ගේ භස්මාවශේෂ ඇමෙරිකාවට