IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොරියානු යුද්ධයෙන් බෙදුණු පවුල් නැවත එකතු කිරීමට සාකච්ඡා

සෝල්හිදීය (රොයිටර්)
 
කොරියානු යුද්ධය නිසා බෙදුණු පවුල් නැවත එකතු කිරීම සඳහා උතුරු සහ දකුණු කොරියානු නායකයෝ අද (22) සාකච්ඡා පැවැත්වූහ. වසර තුනකට පසු වෙන්වුණු පවුල් එක් කරන පළමු අවස්ථාව මෙය වන අතර රතු කුරුස සංවිධානය ද මෙම කාර්යයට මැදිහත් වි සිටී. 
 

න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් හේතුවෙන් පළුදු වූ සබඳතා වර්ධනය කරගැනීමට අප්‍රේල් 27 වැනිදා පැවැති හමුවේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ මූන් ජේ ඉන් එකඟතාව පළ කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව උතුරු කොරියානු නායකයා එම හමුවේදී පොරොන්දු විය. 
 
එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස කොරියානු යුද්ධය හේතුවෙන් දෙරටට වෙන්ව ගිය පිරිස් එකතු කිරීමට උතුරු සහ දකුණු කොරියාව එකඟතාව පළ කර තිබේ. 
 
උතුරු කොරියාවේ සංචාරක ගමනාන්තයක් වන කුම්ගන්ග් කඳුකර ප්‍රදේශයේදී දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡා පවත්වා තිබේ. එම සාකච්ඡාවලදී පවුල් යළි එක් කිරීම වෙනුවෙන් ලබන අගෝස්තු මාසයේදී දෙරටට පොදු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට නියෝජිතයන් එකඟතාව පළ කර තිබේ. 
 
“යහපත් ප්‍රතිඵල උදෙසා අපි එකිනෙකා විශ්වාස කරමින් ක්‍රියාශීලිව කටයුතු කළ යුතු” යැයි උතුරු කොරියානු නියෝජිත පිරිසේ නායක පාක් යොන්ග් ඉල් පැවැසීය. 
 
කොරියානු යුද්ධය නිසා බෙදී උතුරුට සහ දකුණට ගිය පිරිස බැලීම සඳහා යා යුතු බවත් “එම ක්‍රියාවලිය මානුෂීය සහ මානව අයිතිවාසිකම්” සම්බන්ධ කරුණක් ලෙස සලකා ක්‍රියාකළ යුතු බවත් කොරියානු නියෝජිතයෝ කීහ. එදා කොරියානු යුද්ධය වෙන්ව ගිය පවුල්වල සාමාජිකයන්ගෙන් බොහෝ දෙනා අද වනවිට ඔවුන්ගේ 80 වැනි වියත් පසු කර සිටිති. 
 
මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙලෙස වෙන්වුණු පවුල් වල සාමාජිකයන් යළි එකතු කිරීමේ වැඩසටහන් පවත්වන ලද අතර ඒවා අවසන් වූයේ වේදනාකාරී වෙන්වීම් වලිනි. 
 
එම වැඩසටහන්වලින් කිහිපයක්ම රූපවාහිනිය ඔස්සේ විකාශය  කෙරුණි. එම බොහෝමයක් යළි හමුවීම් කඳුළු සහ වේදනාවෙන් පිරුණු මුණ ගැසීම් විය. අවසන් වරට කොරියානු යුද්ධය නිසා උතුරට සහ දකුණට වෙන්ව එකම පවුලේ සාමාජිකයන් යළි එකතු කරන ලද්දේ 2015 වසරේදීය.
 
055



අදහස් (0)

කොරියානු යුද්ධයෙන් බෙදුණු පවුල් නැවත එකතු කිරීමට සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 167 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 130 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1421 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 431 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 696 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site